ජර්මන් චාන්සලර්වරිය ජනපති මෛත්‍රි පිළිගනී

Image copyright PMD
Image caption දශකයකට අධික කාලයකට පසුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයකු ජර්මනියේ නිල සංචාරයක යෙදෙන ප්‍රථම වතාව මෙයයි

ජර්මනියේ නිල සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා ජනපති මෛත්‍රිපාල සිරිසේන එරට චාන්සලර්වරිය ඇන්ජෙලා මර්කල් හමු වී ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වයි.

ඇන්ජෙලා මර්කල් චාන්සලර්වරිය විසින් ශ්‍රී ලංකා ජනපතිවරයා පිළිගනු ලැබුවේ හමුදා ගෞරව මධ්‍යයේයි.

ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ගිවිසුම් කීපයකට අත්සන් තැබීමද අද බදාදා සිදු වීමට නියමිතයි.

Image copyright PMD

මංගල සමරවීර, මලික් සමරවික්‍රම, මහින්ද සමරසිංහ, දයා ගමගේ යන අමාත්‍යවරු ඇතුළු දූත පිරිසක් සංචාරයට එක් වී සිටිති.

දශකයකට අධික කාලයකට පසුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයකු ජර්මනියේ නිල සංචාරයක යෙදෙන ප්‍රථම වතාව මෙයයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර