ඥානසාර හිමිට ඇප

Image copyright Getty

අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට තර්ජනය කළ බවට එල්ල වූ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කරයි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ජනවාරි 25 වනදා විභාග වූ නඩුවක් අතරතුර අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා මත හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් උන්වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරනු ලැබීය.

අධිකරණයේ කලහකාරී ලෙස හැසිරෙමින් අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි එහිමියන් මීට ඉහතදී ඇප මත නිදහස් කෙරිණ.

නමුත් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට තර්ජනය කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් උන්වහන්සේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අධිකරණය නොයෝග කොට තිබුණේ.

අදාළ නඩු විභාගය මාර්තු 24 වනදා දක්වා කල් තැබූ මහේස්ත්‍රාත් අධිකරණය සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කිරීමෙන් වැළකී සිටින ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියෝග කොට ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර