ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ආණ්ඩුවත් සමග සාකච්ඡා නෑ - GMOA

නැවත දැනුම් දෙන තුරු රජය සමග සාකච්ඡා පැවැත්වීම තාවකාලිකව නවතා දමන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට රජය අපොහොසත්වීම, ECTA ගිවිසුම පිළිබඳව ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ මලික් සමරවික්‍රම ඇමතිවරයා එකිනෙකට පරස්පර විරෝධී මත දැරීම, සහ රජයට සම්බන්ධ පුද්ගලයන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත සතුරු ආකල්පයකින් ප්‍රකාශ නිකුත් කිරීම ද මෙසේ සාකච්ඡා අත් හිටුවීමට හේතු වූ බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් සංදේශයට ප්‍රකාශ කළේ.

ජාතික පිළිවෙතක්

“දැන් මාස දෙකක කාලයක් තිස්සේ ඉල්ලනව ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්න කියල. ඒ කාරණයට මුල පුරලවත් නෑ. රජය එකට සුදනමකුත් නැහැ. අපි කිව්වෙ ජාතික ප්‍රතිපත්තිය හදල ඉවර වෙලා තමයි ඕනෑම ගිවිසුමක් අත්සන් කරන්න ඕන” යනුවෙන් ඔහු පැවසීය.

වෛද්‍ය නලින්ද හේරත් පවසන ආකාරයට මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ගේ ලියවිල්ලක් අග්‍රාමාත්‍යවරයාට පෙන්වූ විට අග්‍රාමාත්‍යවරයා එය වැරදි ලියවිල්ලක් බව පවසන අතර ජනාධිපතිවරයා පවසන්නේ කිසිදු ගිවිසුමක් හෝ කෙටුම්පතක් තමා නොදුටු බවයි.

කෙසේ හෝ ETCA ගිවිසුම අත්සන් කරන බව අග්‍රාමාත්‍යවරයා පවසන හෙයින් එසේ අත්සන් කළ හොත් කුමක් කරන්නෙ දැයි සංදේශය විමසූ විට වෛද්‍ය හේරත් කියා සිටියේ එය සම්මුතිවාදය නොවන බවයි.

සාමුහික තීරණ

“එවැනි ප්‍රකාශ සම්මුතිවාදී රජයකට ගැලපෙන්නේ නැහැ. අගමැතිතුමාගේ වචන වලින්ම කියනවානම් ලිච්චවී පාලනයක්නෙ යන්නෙ. ඒ නිසා කොහොම හරි කරනව කියල එකක් නැහැ. හැමෝගෙම අදහස් අරගෙන සාමුහික තීරණ වලට එන්ඩ ඕන. එතකොට මේ රටේ ඉන්න විද්වත් වෘත්තිකයෝ එක හඬින් කියනව මේක රටට අහිතකරයි කියල. ඒක නොසලකා හැරලා මම කොහොම හරි මේක අත්සන් කරනව කියනව නම් මං හිතන්නෙ එතුමා නැවත හිතල බලන්න ඕන තමන්ගේ සම්මුතිවාදී හෝ ඒ ලිච්චවී මුලධර්ම තමන් ළඟ තියනවද කියන එක”

මෙම ගිවිසුම අත්සන් කළ හොත් එය රටේ අවාසනාවක් බව පවසන ඔහු රටේ ජනතාව් තමන්ට සුදුසු වෙලාවේ දී එයට සුදුසු පිළිතුරු ලබා දෙනු ඇති බවයි .

සම්පුර්ණ සාකච්ඡාව ට ඉහත හඬ පටයෙන් සවන්දෙන්න