ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'අම්මා නැති නුඹට බඩගිනි වෙන්න එපා'

‘හක්කපටස්’ අනතුරකින් තුවාල ලද සිය මව තනිකර නොයා දින ගණනක් ඇයට රැකවරණය සැලසූ අලි පැටියකු පිළිබඳව හොරොව්පතාන ඇලපත්වැව පලුගස්වැව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

වනජීවී නිලධාරීන් පැමිණෙන තෙක් හත් හැවිරිදි අලිපැටියා සිය මව තුරුළේම රැඳී සිටි බවයි පලුගස්වැව ගම්වාසීන් පවසන්නේ.

ගම්වැසියන් විසිපස් හැවිරිදි ඇතින්න පත්ව සිටි තත්වය ගැන දැනුම් දීමෙන් අනතුරුව පශුවෛද්‍ය විශේෂඥ චන්දන ජයසිංහ ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට ලඟා වුනත්

සත් හැවිරිදි අලි පැටියා සිය මවගෙන් ඉවත්ව යාම දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ බවයි වෛද්‍යවරු පවසන්නේ.

අලි පැටියා මව් තුරුළේම රැඳී සිටීම ඇතින්නට ප්‍රතිකාර කිරීමට බාධාවක් වූ අතර දැඩි වෙහෙස දැරීමකින් අනතුරුව පැටවා ඉවතට ගෙන ඇතින්න ජීවත් කරවීමට ගත් සියළු උත්සාහයන් අසාර්ථක වුනේ ‘හක්කපටස්' පිපිරීමෙන් ඇයගේ සිරුර අභ්‍යන්තරයේ ඉන්ද්‍රියන්ට බරපතළ හානි සිදු වී තිබුණ හෙයිනි.

මවගේ වියෝවෙන් තනි වූ අලි පැටියා පසුව වනයට ඇතුල් කිරීමට වනජීවී නිලධාරීහු සමත් වූහ.