ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තිරිමාන්න, ලක්මාල් කණ්ඩායමට ශක්තියක් - ඇන්ජලෝ

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා යන කණ්ඩායම වෙනස් කර අත්දැකීම් ඇති ක්‍රීඩකයන් වන ලහිරු තිරිමාන්න හා සුරංග ලක්මාල් කණ්ඩායමට කැඳවීම ගැන තමන් සතුටු වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

අද සවස ඉන්දියාවට පිටත් වීමට පෙර මාධ්‍ය අමතමිනුයි ඔහු මේ බව පැවසුවේ.

අවසන් මොහොත වනතුරුම ක්‍රීඩකයන් තමන් කණ්ඩායමේ සිටිනවාද නැද්ද යන්න නොදැන සිටීම පිළිබදව නැගුනු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ ආසියානු කුසලානය අවසානයේදී කණ්ඩායමේ වෙනසක් සිදුවිය හැකි බවට කණ්ඩායමේ කළමනාකරු ක්‍රීඩකයන් දැනුවත් කර තිබු බවයි.

ලසිත් මාලිංග 15 වැනිදායි පසුව කණ්ඩායමට එක්වීමට නියමිත බවයි ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ.

ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්වීමට පෙර කණ්ඩායමට සුබ පැතීමේ උත්සවයක් කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත් වුනේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍යවේදීන් සමග දැක්වූ අදහස් වීඩියෝ පටයෙන් නරඹන්න.