ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අවශ්‍ය වන්නේ ආදරය සහ මඟ පෙන්වීමයි - සංගක්කාර

නිසි මඟ පෙන්වීමක් යටතේ අවශ්‍ය සහයෝගය ලබා දෙන්නේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක ක්‍රීඩකයන් සතු දක්ෂතා මතු කර ගත හැකි වෙතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජික කුමාර් සංගක්කාර පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන ඔහු ඒ බව කියා සිටියේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා ගේ සභාපතිත්වයෙන් අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක ක්‍රීඩකයන් සඳහා අතහිත ලබා දීම ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ තමා ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ යුතුකම බවයි හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වා සඳහන් කළේ.

'යුතුකම'

''ඒක අපි කරන සේවයක් නොවෙයි. ඒක අපේ යුතුකම''

කණ්ඩායමේ නායකත්වය සහ සංයුතිය සම්බන්ධයෙන් පැවති ගැට‍ළු සහ ඒවා නිරාකරණය කර ගැනීම පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර එහිදී අදහස් පළ කළේය.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන රොමේෂ් කළුවිතාරණ, රන්ජිත් මදුරුසිංහ හා ලලිත් කළුපෙරුම නව තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

T-20 ලෝක කුසලාන තරඟාවලියෙහි නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට හිමි වී තිබේ.

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අඟහරුවාදා රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්වීමට නියමිතයි.