ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කල්පිටිය සාගරගම: තවමත් බෝම්බ වැටෙන ගමක්

"පේරවත්තේ මම වතුර දදා ඉන්නකොට, එකපාරට ලොකු බෝම්බ කෑල්ලක් ඇවිල්ල වැටුන මගේ ළඟටම,"කල්පිටිය සාගරගම වෙසෙන මොහමඩ් පරහත් ඒ විස්තර කරන්නේ යුද සමයේ අත්දැකීමක් නොවේ.

ඔබ මේ සටහන කියවන අද දවසෙත් ඔවුන් මුහුණදෙමින් සිටින අත්දැකීමක්, ඒ.

"සති දෙකකට ඉස්සෙල්ලත් ළමය හම්බවෙන්න ඉන්න ගෑනු කෙනෙක් නිදියන් ඉන්න තැනටම අයිනෙන් වැටුන."

වසර හයකට පෙර යුද්ධය නිමා වී බෝම්බ බිය රටින් පහව ගියත්, තමන් අදටත් සිටින්නේ යුද මානසිකත්වය තුල දැඩි බියකින් බව ගම්වාසීහු පවසති.

ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන වෙඩි පිටියක් හේතුවෙන් තමන්ට බියෙන් කල් ගෙවීමට සිදු වී තිබෙන බවයි කල්පිටියේ සාගරගම, පෙරියසන්ධිගම ඇතුළු ගම්මාන ගණනාවක ජනතාව පවසනේ.

"කීප වතාවක්ම මෙහෙම බෝම්බ වැටෙද්දී අපේ ජීවිත ගැන අපි බයෙන්නේ ඉන්නේ අනිවාර්යයෙන්ම," ඒ තවත් තවත් ගම්වැසියකු වන කපුගේ ප්‍රියන්ත.

තමන් සතුව තිබෙන පැරණි උණ්ඩ රැගෙනවිත් පුපුරුවා හැරීමට ගුවන් හමුදාව මේ වෙඩි පිටිය යොදා ගන්නා බවයි ගම්වාසීන් පවසන්නේ.

"මේ ඉන්න බඩ දරු අම්මලාට මේ ඩොන් පටෝන් ගැන සද්ද අහිච්චහම ඒ ළමයි අංගවිකල වෙනව."

මේ සියලු හිරිහැරවලට මුහුණදීමට සිදු වී තිබෙන්නේ දිළිඳු තමන්ට පමණක් බවද ගම්වැසියෝ පවසති.

තමන් එම ගම්මානවල සංචාරය කළ අවස්ථාවේදීත් ඒ අවට බෝම්බ වැටෙන ශාබ්ද ඇසුණු බවයි මේ සටහන ඉදිරිපත් කරන ප්‍රසාද් පොර්ර්නිමාල් ජයමාන්න පවසන්නේ.

මේ පිළිබඳව විමසූ විට ගුවන් හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේ ඒ පිළිබඳව කරුණු සොයා බලා ප්‍රතිචාරයක් පල කරන බවයි.