ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සතුට, අසතුට සහ ශ්‍රී ලංකාවේ සංවර්ධනය

එස් එල් සෙනෙහෙධීර

බීබීසී සිංහල

මේ වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය පළ කළ ‘සතුටින් සිටීම පිලිබඳ ලෝක දර්ශකයේ’ 132 වැනි ස්ථානයේ සිට117 වැනි ස්ථානය දක්වා ස්ථාන 15 කින් ඉහළ නැගීමට ශ්‍රී ලංකාවට හැකිවී තිබුණි.

එම දර්ශකය ට අනුව මෙවරත් ඩෙන්මාර්කය ලොව සතුටින්ම සිටින රට ලෙස තම ස්ථානය රැක ගෙන සිටින අතර වඩාත්ම නොසතුටෙන් සිටින රටවල් වන බුරුන්ඩි, සිරියා, ටෝගෝ, ඇෆ්ගනිස්තාන්, රුවන්ඩා වැනි රටවල් වේ.

ඒවා බොහොමයක් දුප්පත් රටවල් වන අතර බොහෝ විට ලෙඩ රෝග හෝ යුද ගැටුම් හේතුවෙන් පීඩාවට පත්වී සිටින ජනතාවක් ජීවත්වීම මෙසේ සතුටු දර්ශකයේ පහළ ස්ථානයකට පැමිණීමට හේතුව වී ඇති බවයි පෙනී යන්නේ.

ශ්‍රී ලංකාවේ ජනතාවගේ වර්තමාන සැබෑ මානසික තත්වය ‘සතුටු දර්ශකය’ තුළින් පිළිඹිබු වේ ද යන්න පිලිබඳ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය කරුණාතිස්ස අතුකෝරල කළ සමාජ විද්‍යාත්මක විග්‍රහයකි ඉහත හඬ පටයේ ඇතුළත් වන්නේ .