මහින්ද දන් දුන් අලි ඇතුන් ගැන පරීක්ෂණ

Image copyright Getty

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් සන්නස් පත්‍ර මගින් පරිත්‍යාග කරනු ලැබූ අලි ඇතුන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව නීතිපතිවරයා මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබේ.

රජයේ නීතිඥවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කියා සිටියේ එලෙස සන්නස් පත්‍ර මගින් පරිත්‍යාග කෙරුණු අලි පැටවුන් හය දෙනෙකු සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බවයි.

ඉහත කී පරිත්‍යාග කිරීම්වලට අදාළ නිල ලේඛන කිසිවක් නොමැති බවයි රජයේ නීතිවේදියා ප්‍රකාශ කළේ.

එම පරිත්‍යාග කිරීම්වලට සම්බන්ධ ලේඛන තිබේ නම් ඒවා ලබා දෙන මෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි බව පැවැසූ රජයේ නීතිඥවරයා මාසයකට වැඩි කාලයක් ගත වී තිබුණ ද එම ලේඛන මෙතෙක් ලැබී නොමැති බව කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර