රතුපස්වල ආබාධිත සහ තුවාල ලැබූවන්ට වන්දි

Image copyright Getty

රතුපස්වල ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් තිස් තුන් දෙනකුට වන්දි වශයෙන් රුපියල් මිලියන 4.68 ක මුදලක් ලබා දීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි වී ඇත.

මේ අනුව ප්‍රහාරයෙන් පූර්ණ ආබාධිත, අර්ධ ආබාධිත සහ තුවාල ලැබූ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 24 දෙනෙකු සහ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පුද්ගලයින් 09 දෙනෙකුට අප්‍රේල් 08 වනදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින් වන්දි මුදල් ප්‍රදානය කිරීමට නියමිතයි.

රතුපස්වල සිදුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ට සාධාරණය ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ගම්පහ දිස්ති‍්‍රක් ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කෙරිණ.

වන්දි ප්‍රදානය සිදු කෙරෙන්නේ ඉහත කී කමිටුවේ නිර්දේශ මතයි.

මානව හිමිකම් වාර්තා සැලකිල්ලට ගෙන රතුපස්වල ගැටුම් වලදී මියගිය පුද්ගලයන් තිදෙනෙකුට ජනාධිපති අරමුදල මගින් රුපියල් මිලියනය බැගින් වන්දි ලබා දීමට කටයුතු කර ඇති බව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක පසුගිය මාසයේදී සංදේශයට කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර