වොෂිංටනයේ දී විරෝධතාකරුවන් හාරසීයක් අත්අඩංගුවට

washinton_protest
Image caption 'ප්‍රජාතන්ත්‍රවාදයේ උල්පත' නමින් හඳුන්වන සංවිධානයක් විසිනුයි මේ විරෝධතාවය සංවිධානය කර ඇත්තේ

ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලේ පියගැටපෙළ මත වාඩි වී සිටි හාරසියයක් පමණ වූ විරෝධතාකරුවන් පිරිසක් වොෂින්ටනයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

'ප්‍රජාතන්ත්‍රවාදයේ උල්පත' නමින් හඳුන්වන සංවිධානයක් විසින් සති හතරක සාමකාමී විරෝධතාවයක් පැවැත්වීමට එක්වන ලෙස ඇමරිකානු ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ දේශපාලනය හා සම්බන්ධ අතිවිශාල මුල්‍ය වංචා වලට එරෙහිවයි.

ඇතැම් විරෝධතාකරුවන් පිලඩෙල්ෆියාවේ සිට කිලෝමීටර දෙසීයකටත් වඩා පාගමනින් පැමිණීමෙන් පසුවයි වොෂින්ටන් විරෝධතාවයට එක් වී ඇත්තේ.