ක්‍රිකට් පුටුවල වෙනසක්

ක්‍රිකට් ක්‍රීඩා පරිපාලනයේ වෙනස්කම් කීපයක් සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

ක්‍රිකට් ක්‍රීඩා පරිපාලනයේ වෙනස්කම් කීපයක් සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි

ක්‍රිකට් ක්‍රීඩා පරිපාලනයේ වෙනස්කම් කීපයක් සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරය සඳහා සනත් ජයසූරිය පත් කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල කියා සිටියේ.

අප්‍රේල් මාසය අවසානයෙදී තේරීම් කමිටු සභාපති ධුරයෙන් සමු ගැනීමට නියමිත අරවින්ද ද සිල්වා ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපදේශකයකු ලෙස පත් කිරීමට තීන්දු කොට ඇති බවත් ඔහු සඳහන් කළේය.

එළඹෙන එංගලන්ත සහ ඕස්ට්‍රේලියානු සංචාර සඳහා කණ්ඩායමේ කළමනාකරු වශයෙන් චරිත සේනානායක කටයුතු කරනු ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා පැවසීය.

මැයි මස ආරම්භයේ සිට ඉහත කී වෙනස්කම් ක්‍රියාත්මක වන බවත් ආයතනයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල වැඩිදුරටත් සඳහන් කළේය.