සිරියාවේ ශදාදි නගරයේ බලය අයිඑස් පාලනයෙන් ගිලිහෙයි

ශදාදි නගරය Image copyright AFP
Image caption සිරියාව සහ ඉරාක දේශ සීමාවේ පිහිටි ශදාදි නගරය ඉස්ලාමීය රාජ්‍යය කැරලිකරුවන්ගේ ප්‍රධාන සැපයුම් මාර්ගයක්

සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය කැරලිකරුවන්ට එරෙහිව නොනවත්වා ප්‍රහාර එල්ල කෙරෙන අතර පැල්මයිරා නගරය ඇතුළු නගර ගණනාවක බලය අයිඑස් කැරලිකරුවන් අතින් ගිලිහී ගොස් තිබේ.

ඇමරිකානු ගුවන් හමුදාවේ සහාය ඇතිව ශදාදි නගරයේ බලය තහවුරු කර ගැනීමට කුර්දි හමුදා සමත් වූහ.

සිරියාව සහ ඉරාක දේශ සීමාවේ පිහිටි ශදාදි නගරය ඉස්ලාමීය රාජ්‍යය කැරලිකරුවන්ගේ ප්‍රධාන සැපයුම් මාර්ගයක්.

මේ අතර සිරියන් යුද්ධය අවසානයක් කරා රැගෙන යෑමේ අරමුණින් සිදු කෙරෙන නවතම සාකච්ඡා ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිතයි.

කෙසේවෙතත් අලෙපෝ ප්‍රදේශය අවට වර්ධනය වෙමින් පවතින ප්‍රචණ්ඩ ක්‍රියා පසුගිය සති හයක කාලයක සිට පවතින සටන් විරාමය බිඳ වැටීමට හේතු විය හැකි බවයි වාර්තා කරුවන් පවසන්නේ.

සටන් විරාමය පවතින්නේ සිරියානු හමුදා සහ ජනාධිපති අසාද්ට එරෙහි කැරලි කණ්ඩායම් අතරයි.