චීනයේ දොඹකරයක් කඩා වැටීමෙන් 18 ක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, AFP
නාවුක කන්ටේනර වලින් තනා තිබූ ගොඩනැගිල්ලක් මතටයි දොම්බකරය කඩා වැටී ඇත්තේ
අධික සුළඟ හේතුවෙන් චීනයේ ඩොන්ගුවාන්(Dongguan) නගරයේ දොඹකරයක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් ඇත.
ඩොන්ගුවාන්(Dongguan) නගරයේ නිලධාරියෙකු ෂින්හුවා(Xinhua) රාජ්‍ය මාධ්‍යය ආයතනය වෙත පවසා තිබුණේ නාවුක කන්ටේනර් යොදාගනිමින් ගොඩනගා තිබූ දෙමහල් ගොඩනැගිල්ලක් මතට දොම්බකරය කඩා වැටුණු බවයි.
නිලධාරී ලුවෝ බින් (Luo Bin) පැවසුවේ බදාදා අලුයම දොම්බකරය කඩා වැටෙද්දී ගොඩනැගිලි කම්කරුවන් 139 දෙනෙකු ගොඩනැගිල්ල තුළ සිටි බවයි.
ඒ අතරින් බොහෝ දෙනෙක් දිවිබෙරා ගැනීමට සමත් වූ අතර තවත් 18 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.
ඡායාරූප මූලාශ්‍රය, AFP
100km/h (62mph) වැඩි වේගයෙන් හමා ආ සුළඟ මෙසේ දොම්බකරය කඩා වැටීමට හේතුව වූ බවයි පැවසෙන්නේ.
ඡායාරූප මූලාශ්‍රය, AFP
ප්‍රාදේශීය බලධාරීන් විසින් මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබේ
ඡායාරූප මූලාශ්‍රය, AFP
තුවාල කරුවන්ගෙන් හතරදෙනෙකු තරමක අසාධ්‍ය තත්වයෙන් පසුවන නමුත් ඔවුන්ගේ ජීවිත වලට තර්ජනයක් නැති බවයි වාර්තා වන්නේ