ජපානයට භූමි කම්පාවක්

Residents stand on the street following an earthquake in Kumamoto city on April 14, 2016

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

ජපාන බලධාරීන් පවසන්නේ භූමිකම්පාවෙන් සිදු වූ හානිය කොතරම්දැයි තවමත් ඇස්තමේන්තු කර නැති බවයි.

රික්ටර් මාපකයේ 6.4 ක් ලෙස සටහන් වූ භූමිකම්පාවකින් ජපානයේ දකුණුදිග ප්‍රදේශයේ නිවාස කිහිපයක් කඩා වැටී තිබෙන අතර බොහෝ දුරට සුන්බුන් අතර මිනිසුන් සිරවී ඇති බවයි ජපාන බලධාරීන් පවසන්නේ.

කෙසේ වෙතත් තවමත් මෙම භූමි කම්පාව හේතුවෙන් සුනාමි තත්වයක් ඇති වේ යැයි අනතුරු ඇඟවීම් නිකුත් කර නැත.

ග්‍රිනිච් වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.26ට කියුෂු දූපතේ කුමමොතෝ නගරයේ මෙම භූමිකම්පාව හටගත් බවයි ජපානයේ කාලගුණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් එම ප්‍රදේශයට යාබදව ඇති සෙන්දායි නගරයේ පිහිටා තිබෙන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක තවමත් නිසි අයුරින් ක්‍රියා කරන බවයි වාර්තා වෙන්නේ.

කාලගුණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ පොළවේ කිලෝ මීටර දහයක් පමණ ගැඹුරින් රික්ටර් මාපකයේ 5.7ක් සටහන් කරමින් හටගත් භූමි කම්පාවෙන් මිනිත්තු හතළිහක පමණ කාලයක් පසු කම්පන ඇතිවූ අතර මධ්‍යම රාත්‍රිය පසු වී මිනිත්තු විසි හයකට පසු රික්ටර් මාපකයේ 6.4ක් සටහන් කරමින් දෙවන කම්පනය හටගත් බවයි.

කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශ වල කම්පනය රික්ටර් මාපකයේ අංශක නාමයක් තරම් ඉහල අගයකින් දැනුනු බවයි ඔවුන් පවසන්නේ.

2011 ජපානයට බලපැවැත්වුනු රික්ටර් මාපකයේ අංශක නමයක් සටහන් වූ භූමි කම්පාවෙන් දැඩි හානි සිදු වූ අතර ඒ හේතුවෙන් හටගත් සුනාමිය දහ අට දාහකට ආසන්න ප්‍රමාණයක ජීවිත බිලි ගනු ලැබුණි.

මේ වන විට භූමිකම්පාවෙන් තුවාල ලැබූ පුද්ගලයන් හතළිස් දෙනෙකු පමණ රෝහල් ගත කර ඇති අතර ඇතැම් රෝගීන්ගේ තත්වය බරපතළ බවයි පැවසෙන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

Japan is one of the world's most earthquake-prone countries