'අපේ ක්ෂණික ආහාර කන්නේ ප්‍රවේශමෙන්'

Carbonara

ඡායාරූප මූලාශ්‍රය, Thinkstock

ඡායාරූප ශීර්ෂ වැකිය,

'ඩොල්මිනෝ කබොනාරා' ආහාරය

සිය ආහාර නිෂ්පාදන වල අන්තර්ගත ඉතා අධික තෙල්, ලුණු සහ සීනි ප්‍රමාණය හේතුවෙන් පාරිභෝගිකයන් සතියකට වරක් පමණක් එම නිෂ්පාදන ආහාරයට ගැනීමට සීමා විය යුතු බව 'ඩොල්මිනෝ' ක්ෂණික පැස්ටා ආහාර සහ සහල් වලින් පිළියෙළ කරන 'අන්කල් බෙන්ස්' ක්ෂණික ආහාර නිපදවන සමාගම අනතුරු අඟවයි.

සිය ක්ෂණික ආහාර පැකට්ටු වල ඒවා දිනපතා ආහාරයට සුදුසුද නැතහොත් සතියකට වරක් ආහාරයට ගැනීම සෞඛ්‍ය සම්පන්නදැයි සටහන් කරන අතර එම තොරතුරු සිය වෙබ් අඩවි වලද ප්‍රචාරය කිරීමෙන් පාරිභෝගිකයා දැනුවත් කිරීමට කටයුතු කරන බවයි ඉතා විශාල පරිමානයේ නිෂ්පාදන සිදු කරන 'මාර්ස්' සමාගම වැඩිදුරටත් කියා සිටියේ .

ඔවුන් පවසන්නේ සිය ක්ෂණික ආහාර වල අධික වශයෙන් තෙල්, ලුණු හෝ සීනි අඩංගු වන නමුත් සිය නිෂ්පාදන වලට පමණක් ආවේනික රසය පවත්වා ගැනීමට නම් අදාළ වට්ටෝරුවට අනුව එම ආහාර සැකසීමට සිදු වන බවයි.

සිය ක්ෂණික ආහාර වර්ග වලින් 5%ක් පමණක් මෙලෙස සතියකට වරක් පමණක් පරිභෝජනයට සුදුසු බවට ලේබල සහිතව වෙළඳ පොළට නිකුත් කිරීමට සිදු වන බවයි 'මාර්ස්' සමාගම බීබීසිය සමග කියා සිටියේ.

සතියකට වරක් පමණක් පරිභෝජනයට සුදුසු බවට සීමා කෙරෙන ක්ෂණික ආහාර අතරට 'ඩොල්මිනෝ' ලසාන්යා සෝස් මිශ්‍රණය, පැස්ටා ආහාරය, 'කබොනාරා' සහ මැකරෝනි ආහාර ඇතුළත් වෙයි.

Salt

ඡායාරූප මූලාශ්‍රය, Thinkstock