බෙල්ජියමේ ගමනාගමන අමාත්‍යවරිය ඉල්ලා අස් වෙයි

ඉල්ලා අස් වූ ප්‍රවාහන අමාත්‍යවරිය Image copyright AP
Image caption ඉල්ලා අස් වූ ජැකලින් ගාලන්ට් වෙනුවට නව අමාත්‍යවරයෙක් මෙතෙක් නම් කර නැත

මාර්තු විසි දෙවෙනිදා බ්‍රසල්ස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ල කෙරුණු ප්‍රහාර වලට පෙර ගුවන් තොටේ ඇති වූ ආරක්ෂක දෝෂයන් සම්බන්ධයෙන් අවධානය යොමු නොකර සිටි බවට ඉද්රිපත් වන චෝදනා හමුවේ බෙල්ජියමේ ගමනාගමන අමාත්‍යවරිය ඉල්ලා අස්වෙයි.

බෙල්ජියමේ විපක්ෂය විසින් මෙම චෝදනා එල්ල කරමින් කියා සිටියේ ගමනාගමන අමාත්‍යවරිය ජැකලින් ගාලන්ට් සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවයි.

බෙල්ජියමේ ගුවන්තොටුපොළ වල ආරක්ෂක තත්වය විවේචනය කරමින් 2015 වසරේ යුරෝපා සංගමය විසින් නිකුත් කළ රහස්‍ය වාර්තාවක් එරට විපක්ෂය විසින් ඉදිරිපත් කර තිබේ.

පසුගියදා බ්‍රසල්ස් නුවරට ඉස්ලාම් රාජ්‍ය සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාර මාලාවෙන් පුද්ගලයන් තිස් දෙදෙනෙකුට සිය ජීවිත අහිමි විය.