විලියම් සහ කේට් සේද මාවත දිගේ

බ්‍රිතාන්‍යයේ එලිසබත් රැජිනගේ අනූ වන ජන්ම දිනය වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සංවිධානය කොට තිබූ ප්‍රිය සම්භාෂණයකටද විලියම් කේට් යුවළ සහභාගී වූහ.

The Duke and Duchess of Cambridge

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඉන්දීය සංචාරයේ අවසන් දිනය සටහන් කරමින් විලියම් කුමරු සහ කේට් කුමරිය ටජ් මහල නැරඹීමට ගිය අතර 1992 පෙබරවාරි මාසයේ ඩයනා කුමරිය ඡායාරූපයකට පෙනී සිටි ආදරවන්තයන්ගේ බැංකුව මත හිඳගෙන ඡායාරූපයකට පෙනී සිටියහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඉන්දීය විලාසිතාවට අනුව නිර්මාණ ශිල්පිනී නීලම් ඛාන් විසින් සකසනු ලැබූ ඇඳුමකින් සැරසී සිටින කේට් කුමරිය.

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඉන්දීය - භුතාන සංචාරයේ හය වන දිනයේදී විලියම් කුමරු සහ කේට් කුමරිය හිමාලය කඳුවැටියේ පිහිටා තිබෙන ව්‍යාඝ්‍ර ලෙන් විහාරය (Tiger's Nest monastery) නැරඹීමට ගිය අවස්ථාවේ ගනු ලැබූ සේයාරුවකි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

ව්‍යාඝ්‍ර ලෙන් විහාරය දක්වා විහිදුනු පයින් ගස් කැලෑව තරණය කරමින් පැය තුනක් මුළුල්ලේ පැමිණි දුෂ්කර ගමන නිම කළ රාජකීය යුවළ.

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය,

පසුගිය බ්‍රහස්පතින්දා භූතානයට ලඟා වූ විලියම් කුමරු සහ කේට් කුමරිය භුතාන රජ පවුල හමු වූ මොහොත. බ්‍රිතාන්‍ය රජ යුවළ මෙන්ම භූතානයේ රජු සහ රැජිණිය විවාහ දිවියට පිවිසුනේද 2011 වසරේදීය. ( Bhutan's King Jigme Khesar Namgyel Wangchuck and his wife Queen Jetsun Pema)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

භූතානයේ ජාතික ක්‍රීඩාව වන දුනු ශිල්පය ප්‍රගුණ කළ ජාතික ක්‍රීඩා සංසදයේ ක්‍රීඩකයන් සමග කාලය ගත කළ විලියම් කුමරු සහ කේට් කුමරිය ඉලක්කයට ඊතල විදීමට ගත් උත්සාහයක්.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

වඳ වීමේ තර්ජනයට මුහුණ දී සිටින ඉන්දියාවේ රයිනෝසරයන් පිළිබඳ ජනතා අවධානය යොමු කරවීමේ අරමුණෙන් විලියම් කුමරු සහ කේට් කුමරිය ඉන්දියාවේ පිහිටා තිබෙන වනෝද්‍යානයක අනාථ අලි පැටවුන් සහ රයිනෝ පැටවුන්ට කිරි පෙවීමේ කටයුතු වල නිරත වූහ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

'කාසිරන්ගා ඩිස්කවරි' උද්‍යානයේ පිහිටා තිබෙන ප්‍රතිමාවක් වර්ණ ගැන්වීමේ යෙදී සිටින කේට් කුමරිය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

ත්‍යාග වශයෙන් ලැබූ අතින් වියන ලද ඉන්දීය දේශීය කපු සළු පැළඳ සිටින බ්‍රිතාන්‍ය රාජකීය යුවළ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images, PA

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඉන්දීය සංචාරය පුරාම කේට් කුමරිය සැරසුනේ ඉන්දියානු විලාසිතාවන්ට අනුව එරට නිර්මාණ ශිල්පීන් විසින් නිමවන ලද හෝ ඉන්දියාවේ නිෂ්පාදිත රෙදි වලින් නිමවන ලද ඇඳුම් වලිනි.

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක වෙන්ගස්කාර් ගේ උපදෙස් ලබමින් පන්දු කිහිපයකට සාර්ථක පහර කීපයක් එල්ල කිරීමට කේට් කුමරිය සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඉන්දීය සාම්ප්‍රධායික මල් මාලා වලින් පිදුම් ලද යුවළ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඉන්දීය සංචාරයේ පළමු දින රාත්‍රිය පුණ්‍යායතන කටයුතු වෙනුවෙන් මුදල් එක්රැස් කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වූ විලියම් කුමරු සහ කේට් කුමරිය බොලිවුඩ් තරු සහ ඉන්දීය ක්‍රීඩා තරු හමු වූහ.