ජෙරුසලමේ පිපිරීමක්

ඡායාරූප මූලාශ්‍රය, Israeli police
පිපිරීමෙන් ගිනි ගැනීමට ලක් වූ බස්රථ දෙක
ජෙරුසලමේ බස් රථයක පිපිරීමක් හට ගෙන ඇති බව ඊශ්‍රායල පොලිසිය පවසයි.
පිපිරීමෙන් පුද්ගලයන් දස දෙනෙකුට පමණ බරපතළ තුවාල සිදු වී ඇති බවයි බලධාරීන් පවසන්නේ.
ජෙරුසලම් නගරයේ බටහිර ප්‍රදේශයේ ගමන් ගනිමින් තිබූ මගීන් තොර හිස් බස් රථයක මෙම පිපිරීම හටගෙන ඇති අතර ඒ අසලින් ගමන් ගත් බස් රථයකට ගිනි ඇවිලී ඇති බවයි පැවසෙන්නේ.
තුවාල ලැබූ පුද්ගලයන් ගමන් ගෙන තිබෙන්නේ ගින්නට හසු වූ බස් රථයේයි.
ඊශ්‍රායල රූපවාහිනිය ඔස්සේ පිළිස්සෙමින් තිබෙන බස් රථ වල රූප රාමු විකාශය වන බවයි පැවසෙන්නේ.
මෙම පිපිරීම ප්‍රහාරයක් ලෙස ඊශ්‍රායල පොලිසිය විස්තර කළ නමුත් පිපිරීමක් හට ගැනීමට හේතුවිය හැකි අනෙකුත් මාර්ග සම්බන්ධයෙන්ද සොයා බැලීම් සිදු කරන බවයි පැවසුවේ.