එක්වදෝරය: මරණ සංඛ්‍යාව 413 දක්වා ඉහළට

ගලවා ගැනීමේ කණ්ඩායම් සහ ඥාතීන් තවමත් සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන්ගේ දිවි බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින්
එක්වදෝරයේ හටගත් දරුණු භූමිකම්පාව හේතුවෙන් මේ වන විට පුද්ගලයන් හාරසිය දහතුන් දෙනෙකු මියගොස් ඇති බව තහවුරු කළ හැකි බව එරට රජය පවසයි.
ඉරිදා ඇති වූ භූමිකම්පාව රික්ටර් මාපකයේ සඳහන් වූයේ 7.8 ක් ලෙසයි.
ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty Images
සිය ගණන් මිනිසුන් තවමත් සුන්බුන් අතර සිරවී සිටින බවයි විශ්වාස කෙරෙන්නේ.
භූමිකම්පාවේ මධ්‍යය ලක්ෂය වයඹ දිග එක්වදෝරයේ පිහිටි මුයිස්න් නගරය ආසන්නයේ පිහිටා ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව බලධාරීහු කියා සිටිති.
භූමිකම්පාවෙන් බරපතළ ලෙස හානි සිදු වූ ප්‍රදේශයේ සංචාරයක නිරත වූ එක්වදෝර් ජනාධිපති රෆායල් කොරෙයා කියා සිටියේ සිදු වී ඇති අලාභය ඇමරිකානු ඩොලර් බිලියන ගණනක් වනු ඇති බවයි.
ඡායාරූප මූලාශ්‍රය, AP
භූමිකම්පාවෙන් මියගිය ඇතැම් පුද්ගලයන්ගේ අවසන් කටයුතු ඊයේ (සඳුදා) දිනයේදී සිදු කෙරුණි.
වසර හැත්තෑවක පමණ කාලයක් තුළ එක්වදෝරය මුහුණ දුන් දරුණුම ව්‍යසනය ලෙස මෙය සැලකිය හැකි බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
මේ වන විට භූමිකම්පාවෙන් තුවාල ලැබ සිටින පිරිස දෙදහස් පන්සීය ඉමවයි.
භූමිකම්පාවෙන් හානි ලද එක්වදෝරයේ වෙරළාසන්න නගරයක් වූ 'මැන්ටා' හි පිහිටි හෝටලයක සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයන් හය දෙනෙකු, කුඩා ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ අවුරුද්දේ සහ මාස නමයක අත දරුවන් දෙදෙනෙකුගේ දිවි බේරා ගැනීමට ඊයේ දිනයේදී සහන කණ්ඩායම් සමත් විය.