බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිණ 90 විය සපුරයි

The Queen with her great-grandchildren and youngest grandchildren (From left: James, Viscount Severn, Lady Louise Windsor, Mia Tindall, Princess Charlotte, Isla Phillips, Prince George and Savannah Phillips

ඡායාරූප මූලාශ්‍රය, Annie Leibovitz/PA

ඡායාරූප ශීර්ෂ වැකිය,

එලිසබෙත් රැජිණ තම මී මුණුපුරන් සහ ලාබාලම මුණුපුරන් සමග ; වමේ සිට පිළිවෙලින් ; ජේම්ස්, විස්කවුන්ට් සේවර්න්, ලේඩි ලුවිස් වින්ඩ්සර්, මියා ටින්ඩොල්(රැජිනගේ අත්බෑගයඅල්ලාගෙන),චාර්ලට් කුමරිය,ඉස්ලා පිලිප්, ජෝර්ජ් කුමරු සහ සවන්නා පිලිප්

බ්‍රිතාන්‍යය ට සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලට එලිසබෙත් රැජිණ මහත් සවියක් වූ බව අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් පවසයි. ඔහු මේ බව පැවසුවේ අප්‍රේල් 21 වැනිදාට යෙදෙන දෙවන එලිසබෙත් රැජිණ ගේ 90 වැනි උපන්දින සැමරුම පිලිබඳ තම ශුභාශිංසන එක්කරමින්.

එලිසබෙත් රැජිණ ගේ පුත් චාර්ල්ස් කුමරු විසින් විශේෂ ගුවන් විදුලි ප්‍රකාශයක් පටිගත කළ අතර උපන්දිනය දා විකාශනය කෙරෙන මෙහි විලියම් ශේක්ස්පියර් ගේ VIII වැනි හෙන්රි නාට්‍ය පිටපතේ සංස්කරණය කළ පරිච්චේදයක් ද අන්තර්ගතව තිබේ.

සැමරුම් උත්සව පසුව ආරම්භ කිරීමට නියමිත අතර සංකේතාත්මක විදුලි පහන් දැල්වීම එලිසබෙත් රැජිණ විසින් වින්ඩ්සර් මාලිගයේ දී සිදු කෙරෙනු ඇත.

මේවනවිට රාජකීය පවුලට එක් වූ නව සාමාජිකයන් සමග රැජිණ ගත් ඡයාරූපයක් ප්‍රකාශයට පත්ව තිබේ.

බ්‍රිතාන්‍යයේ වඩාත් දිගු කාලයක් කිරුල හෙබවූ එලිසබෙත් රැජිණ ට ශුභාශිංසන පිරිනැමීම අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් විසින් පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට නියමිතව තිබෙන අතර වෙඩිමුර ආචාර බ්‍රිතාන්‍යය පුරා විවිධ ස්ථාන වල දී සිදු කිරීමට නියමිතව තිබේ.

Official photo released by Buckingham Palace to mark the Queen's 90th

ඡායාරූප මූලාශ්‍රය, Annie Leibovitz/PA

ඡායාරූප ශීර්ෂ වැකිය,

එලිසබෙත් රැජිණ ඇගේ බල්ලන් හතරදෙනා සමග මාලිගයේ පිටුපස පියගැටපෙළ මත

The Queen with her daughter, Anne The Princess Royal

ඡායාරූප මූලාශ්‍රය, Annie Leibovitz/PA

ඡායාරූප ශීර්ෂ වැකිය,

එලිසබෙත් රැජිණ ඇගේ දියණිය වන ඈන් කුමරිය සමග