දුෂණ චෝදනා ලබූ පාකිස්තාන හමුදා නිලධාරීන් 6 ක් ඉවතට

ඡායාරූප මූලාශ්රය, AP
පකිස්තාන හමුදා ප්රධානී ජෙනරාල් රහීල් ෂරීෆ් විසිනුයි හමුදා නිලධාරීන් හය දෙනෙකු සේවයෙන් පහ කර ඇත්තේ.
ලුතිනන් ජෙනරාල් වරයකු සහ මේජර් ජනරාල්වරයකු ද ඇතුළුව අවම වශයෙන් පකිස්තාන යුද හමුදාවේ ඉහළ පෙලේ නිලධාරීන් හය දෙනෙකුවත් දුෂණ සහ වංචා චෝදනා හේතුවෙන් සේවයෙන් පහ කර ඇත.
ත්රස්තවාදයට එරෙහිව සටන් කිරීමට නම් දුෂණ සහ වංචාම් මුලිනුපුටා දැමිය යුතු බව හමුදාපති ජෙනරාල් රහීල් ෂරීෆ් විසින් පවසනු ලැබීමෙන් දින දෙකකට පසුවයි මෙම හමුදා නිලධාරීන් සේවයෙන් පහකරනු ලැබුවේ.
කෙසේවුවද මෙම හමුදා නිලධාරීන්ට එරෙහිව ඇති චෝදනා කවරේද යන්න පිලිබඳ තවමත් වාර්තා වී නැත.
මේ පිළිබඳව අදහස් දක්වන නිරීක්ෂකයන් පවසන්නේ මෙම නිවේදනය සිදු කළ කාලය සහ හමුදාපතිවරයාගේ අදහස් දැක්වීම අනුව එසේ කිරීමට රජයට බල කෙරී ඇති බවයි.
පාකිස්තානයේ අගමැති නවාස් ෂරීෆ් ගේ පවුලට අයත් විදේශ සමාගම් සහ දේපල පිළිබඳව පැනමා ලිපිගොණු තුලින් හෙළි වීමත් සමග තවමත් ඔහු ඒ සම්බන්ධව කටයුතු කරමින් සිටී.