'ඇමරිකා-බ්‍රිතාන්‍ය වෙළඳ ගනුදෙනු පමාවිය හැකියි' -ඔබාමා

Mr Cameron and Mr Obama playing golf

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය,

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඇමරිකානු ජනාධිපතිවරයා සමග

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වන්නේ නම් ඇමරිකා-බ්‍රිතාන්‍ය වෙළඳ ගනුදෙනු පිලිබඳ එකඟතාවයකට පැමිණීමට වසර දහයක් දක්වා පමාවිය හැකි බව ඇමරිකානු ජනාධිපතිවරයා පවසයි.

බීබීසීය සමග සංවාදයකට එක්වෙමින් ඔහු පැවසුවේ "එය ඇතැම්විට මෙතැන් පටන් වසර 5ක් වෙන්න පුළුවන් නැත්නම් අවුරුදු 10 ක් ගත වෙන්නත් පුළුවන් අපි යම් එකඟතාවයකට එනකොට" යනුවෙන් පැවසූ ඔහු අවධාරණය කළේ යුරෝපා සංගමයෙන් ඉවත්වන්නේ නම් බ්‍රිතාන්‍යය ලෝකය තුළ බලපෑමක් කල් නොහැකි රටක් බවට පත්වනු ඇති බවයි.

ඇමරිකානු ජනාධිපතිවරයා ගේ අනතුරු ඇඟවීම බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට පවසන කණ්ඩායම් වල කෝපයට හේතුවී තිබේ. UKIP නායක නයිජල් ෆෙරාජ් ඔබාමා ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේ එය 'අමුලික බොරුවක්' බව පවසමින්.

ජනාධිපති ඔබාමා මින් පෙර පවසා තිබුනේ යුරෝපා සංගමයෙන් ඉවත්වුවහොත් ඇමරිකාව සමග වෙළඳ ගනු දෙනු කරන්නන්ගේ පෝලිමේ පිටුපසින් බ්‍රිතාන්‍යය සිටිනු ඇති බවයි.

යුරෝපා සංගමය තරම් ඉක්මනින් ඇමරිකාව සමග ගනුදෙනු කිරීමට එවිට බ්‍රිතාන්‍යයට නොහැකිවනු ඇති බවයිඑම ප්‍රකාශය පිළිබඳව විමසු විට ඔහු බීබීසීයට පැවසුවේ

"අපි අපේ විශාලතම වෙළඳපොළ සහකරුවා වන යුරෝපා වෙළඳපොළ සමග ගනුදෙනු කිරීම අත්හැර දමන්නේ නැහැ" යනුවෙන් පැවසූ ඔබාමා අනතුරු අඟවාසිටියේ යුරෝපය තුළ නොවැදගත් තත්වයට පත්වන බ්‍රිතාන්‍යය ලෝකය තුළදඑවැනි තත්වයකට පත්වීමට යුරෝපා සංගමයෙන් ඉවත්වීම හේතු විය හැකි බවයි.

Theresa May
ඡායාරූප ශීර්ෂ වැකිය,

බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව අතර වෙළඳ ගනුදෙනු පිලිබඳ ඔබාමා දැරූ අදහස් සලකා බලා ජනතාව තීන්දුවක් ගනු ඇති බවටයි බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු පිලිබඳ ලේකම් තෙරේසා මේ විශ්වාසය පළකළේ

කෙසේවුවද නයිජල් ෆෙරාජ් බීබීසී යට පැවසුවේ ඇමරිකානු ජනාධිපතිවරයා ලන්ඩනයට පැමිණියේ අපට තර්ජනය කිරීමට වුවද එය එතරම් ප්‍රතිපලදායක නොවේය යන්නයි.

ඕමානය සහ ඔස්ට්‍රේලියාව වැනි අනෙක් රටවල් වලට ඇමරිකාව සමග වෙළඳ ගනුදෙනු පිලිබඳ සාකච්ඡා කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසූ නයිජල් ෆෙරාජ් ජනාධිපතිවරයා ගිරවෙකු සේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාඅනුකරණය කරන්නේය යනුවෙනුයි චෝදනා කළේ.

බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගිසෙලා ස්ටුවර්ට් පැවසුවේ ඇමරිකානු ජනාධිපතිවරයා "අක්‍රීයව පවතින සංවිධානයක" රැඳී සිටින ලෙස බ්‍රිතාන්‍යය ට බල කිරීම අසාමාන්‍ය තත්වයක් බවයි.

බ්‍රිතාන්‍ය ජනතාව පිටස්තර අදහස් වලට විරුද්ධවීමට මැලිකමක් දක්වන අතර බ්‍රිතාන්‍යය සමග ඇමරිකාවේ වෙළඳ ගනුදෙනු ඇමරිකාවේ ඊළඟ ජනාධිපතිවරයා මුහුණ දෙන කාරණයක් වන අතර බොහෝ විට ඔබාමාගේ පක්ෂයේ කෙනෙක් නොවීමට ද ඉඩ ඇති බවයි මෙම සති අන්තයේ බ්‍රිතාන්‍ය කන්සවර්ටිව් පක්ෂයේ ලියම් ෆොක්ස් බීබීසී රේඩියෝ 4 වැඩසටහනක දී අදහස් දක්වමින් පැවසුවේ.

එහෙත් බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු පිලිබඳ ලේකම් තෙරේසා මේ බීබීසීයට පැවසුවේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පිළිගතහැකි බවයි. බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව අතර වෙළඳ ගනුදෙනු පිලිබඳ ඔබාමා දැරූ අදහස් සලකා බලා ජනතාව තීන්දුවක් ගනු ඇති බවටයි ඇය විශ්වාසය පළකළේ.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිලිබඳ ජනමත විචාරණයක් ජුනි මස 23 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ