විනිසුරු ප්‍රමාණය වැඩි කරන්න - ඉන්දීය අගවිනිසුරු ඉල්ලයි

ඡායාරූප මූලාශ්‍රය, AP
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වසරකට නඩු 2600 ක් පමණ විභාග කරන බව අගවිනිසුරුවරයා පෙන්වා දෙයි
ගොඩගැසෙමින් පවතින නඩු විභාගකිරීම පිණිස වැඩිපුර අධිකරණ විනිසුරන් බඳවා ගන්නා ලෙස ඉන්දියාවේ අග්‍රවිනිශ්චයකාරවරයා බැගෑපත් ඉල්ලීමක් කළේය.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉදිරියේ ප්‍රකාශයක් කළ අගවිනිසුරු ටීඑස් තකූර් (T.S. Thakur) කඳුළු පිරි දෙනෙතින් කියා සිටියේ, අධිකරණය ඉදිරියේ පවතින කෝටි සංඛ්‍යාත නඩු ප්‍රමාණය විභාග කිරීම විනිසුරන් විසි එක් දහසකට පමණක් කළ නොහැකි බවයි.
අගවිනිසුරු තකූර් අගමැතිවරයාගෙන් අයැද සිටියේ විනිසුරුවරුන්ගේ සහ සිරකරුවන්ගේ නාමයෙන් සහ ඉන්දියාවේ සංවර්ධනයේ නාමයෙන් මෙම වෙනසට සහාය දෙන ලෙසයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වසරකට විභාග කරන්නේ නඩු 81 කට ආසන්න ප්‍රමාණයක් බව සඳහන් කළ ඔහු, එනමුත් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වසරකට නඩු 2600 ක් පමණ විභාග කරන බව පැවසීය.
එබැවින් රටේ විනිසුරුවන් ප්‍රමාණය 40,000 ක් දක්වා වැඩි කළ යුතු බව අගවිනිසුරු ටීඑස් තකූර් ගේ යෝජනාවයි.
එයට පිළිතුරු වශයෙන් අගමැති මෝදි පැවසුවේ මෙය ඉතා ගැඹුරින් සලකා බලා විසඳීමට සිය රජය කටයුතු කරන බවයි.