පාපන්දුලෝලීන් පෑගී මියයාම ඝාතනයක් බවට අධිකරණ තීන්දුවක්

Hillsborough

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

එම ඛේදවාචකයෙන් මියගියවුන්ගේ ඥාතීන් අධිකරණ තීන්දුව පිලිබඳ සතුටෙන්

මීට වසර 27 කට ඉහතදී ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ පාපන්දු ලෝලීන් 96 දෙනකු පෑගී මියයාම, නීතිවිරෝධී මනුෂ්‍ය ඝාතනයක් බව බ්‍රිතාන්‍යයේ දරුණුම ක්‍රීඩා ඛේදවාචකය පිළිබඳ අධිකරණ පරීක්ෂණයකින් නිගමනය කෙරිණි.

හිල්ස්බරා පාපන්දු ක්‍රීඩාංගනයේදී ක්‍රීඩාලෝලීන් තෙරපී මියයාම වැළැක්වීමට අපොහොසත් වූ ආරක්ෂාව භාරව සිටි නිලධාරියා අනියම් මිනීමැරුමට වගකිවයුතු බවත් ජූරි සභාවේ නිගමනය වූ අතර, ඒ සම්බන්ධයෙන් ක්‍රීඩාලෝලීන්ට දොස් පැවරිය නොහැකි බවත් ඔවුන් තීන්දු කළහ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

පාපන්දු ලෝලීන් 66 දෙනකු පෑගී මියයාම, නීතිවිරෝධී මනුෂ්‍ය ඝාතනයක් බව අධිකරණ පරීක්ෂණයකින් නිගමනය කෙරිණි.

තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ මරුමුවට පත් වූ ක්‍රීඩාලෝලීන් ගේ ඥාතීන් ගීත ගයමින් සහ ප්‍රීතිඝෝෂා නගමින් ප්‍රීතිය පළ කළහ.

වසර 27 ක් මුළුල්ලේ සාධාරණය ඉල්ලා කළ සටනේ ජයග්‍රහණයක් ලෙසිනුයි ඔවුන්ගේ නීතිවේදීන් එම තීන්දුව විග්‍රහ කළේ.

තීන්දුව එක සිතින් පිළිගන්නා බව සඳහන් කළ දකුණු යෝක්ෂයර් පොලිස් ඒකකයේ ප්‍රධානියා, මරුමුවට පත් වූ ක්‍රීඩාලෝලීන් ගේ පවුල්වලින් සමාව ඉල්ලා සිටීමට තමන්ට අවශ්‍ය බවත් සඳහන් කළේය.