සටන් විරාමයක් තිබිය දී අලෙප්පෝ හි දරුණු සටන්

Image copyright AFP
Image caption අලෙප්පෝ ප්‍රදේශයට සිටි එකම ලමාරෝග විශේෂඥයා ද මේ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූ පිරිස අතර සිටින අබවයි වාර්තාවන්නේ

සිරියාවේ අලෙප්පෝ නගරයේ ආරම්භවී ඇති දරුණු ගැටුම් මගින් දුර්වල වී යමින් පවතින සටන්විරාමය ආරක්ෂා කරගැනීමට ජාත්‍යන්තරව ගන්නා උත්සාහයට නව ප්‍රහාරයක් එල්ල වී තිබේ.

සිරියානු ක්‍රියාධරයන් පවසන්නේ බදාදා මධ්‍යම රාත්‍රියට පෙර රෝහලක් සහ ඒ අසල ඇති ගොඩනැගිල්ලකට එල්ලවූ ගුවන් ප්‍රහාරයකින් අවමවශයෙන් පුද්ගලයන් විසිදෙනෙකුවත් මියගොස් ඇති බවයි.

Image copyright Reuters
Image caption රෝහලක් සහ ඒ අසල ඇති ගොඩනැගිල්ලකට එල්ලවූ ගුවන් ප්‍රහාරයකින් අවමවශයෙන් පුද්ගලයන් විසිදෙනෙකුවත් මියගොස් ඇත.

ළමුන් දෙදෙනෙකු සහ නැගෙනහිර අලෙප්පෝ ප්‍රදේශයට සිටි එකම ලමාරෝග විශේෂඥයා ද මේ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූ පිරිස අතර සිටින බවයි වාර්තාවන්නේ.

පෙබරවාරි මාසයේ එකඟතාවයකට පැමිණි සටන් විරාමය බොහෝදුරට ක්‍රියාත්මක නොවන බව පවසන සිරියාවේ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත ස්ටැෆාන් ඩි මිස්තුරා (Staffan de Mistura) ඇමරිකාවෙන් සහ රුසියාවෙන් ඉල්ලා ඇත්තේ සටන් විරාමයේ සම්පුර්ණ කඩාවැටීමකට පෙර වහා මැදිහත්වන ලෙසයි.