කිතුනු දේවස්ථානයේ විවාහ මංගල්‍යයට පොලීසිය කඩාවදී

Image caption මාධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත පොලිසිය පවසන්නේ මනාලිය බාලවයස්කාරියක් බවට තොරතුරක් ලැබී ඇති බවයි.

මධ්‍යම ඉන්දියාවේ කිතුනු දේවස්ථානයක විවාහ මංගල්‍ය උත්සවයක් පැවැත්වෙමින් තිබියදී දැඩි මතධාරී හින්දු ක්‍රියාධරයන් සමඟ ඊට කඩා වැදුණු පොලිසිය දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් වුවන් අතර මනාලයා, මනාලිය සහ දේවස්ථානයේ පියතුමාද වන බවයි වාර්තා වන්නේ.

මාධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත පොලිසිය පවසන්නේ මනාලිය බාලවයස්කාරියක් බවට තොරතුරක් ලැබී ඇති බවයි.

එමෙන්ම මෙම යුවල මීට වසර හතරකට පෙර කතෝලික ආගමට හැරී ඇති අතර එය ලියාපදිංචි කර නැති බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය පවසයි.

නමුත් බොහෝ කතෝලික කණ්ඩායම් පවසන්නේ හින්දු දැඩි මතධාරීන්ගෙන් තමන්ට සිදුවන හිරිහැර උත්සන්න වෙමින් පවතින බවයි.

කෙසේ නමුත් වෙනත් ආගම් අදහන සුළුතරයන් ආරක්ෂා කරන බවට ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව ප්‍රතිඥා දී තිබේ.