ට්‍රම්ප් ගේ රැලියකට විරෝධතාකරුවන්ගෙන් බාධා

ඡායාරූප මූලාශ්‍රය, Reuters
කැලිෆෝනියා ඇතැම් ප්‍රදේශවල විශේෂයෙන්ම ලතින් ඇමරිකානුවන් අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව දැඩි විරෝධයක් පවතී.
ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදීම තීරණය කිරීම පිණිස පැවත්වෙන චන්ද විමසීම මාලාවේ ඉදිරියෙන් සිටින රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රැළියක් පැවැත්වීමට නියමිත කැලිෆෝනියාවට නුදුරු ස්ථානයක් වෙත රථ වාහන ගමන් කිරීම විරෝධතාකරුවන් විසින් අවහිර කරනු ලැබ තිබේ.
තමා ජනාධිපති වූ පසු මිලියන ගණනක් වූ සියලුම නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කරන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ.
ඒ හේතුවෙන් කැලිෆෝනියා ඇතැම් ප්‍රදේශවල විශේෂයෙන්ම ලතින් ඇමරිකානුවන් අතර ඔහුට එරෙහිව දැඩි විරෝධයක් පවතී.
දැනට විරෝධතා පැවැත්වෙන ප්‍රදේශයෙන් ලැබෙන වාර්තාවලට අනුව ඇතැම් විරෝධතාකරුවන් පොලිස් රථවාහන වලට ප්‍රහාර එල්ලේ කොට වීදුරු බිඳ දමා තිබේ.
පුද්ගලයන් විසි දෙනෙකු පමණ අත් අඩංගුවට ගෙන ඇති බවයි බලධාරීන් පවසන්නේ.