රහසින් ඇමරිකාවට ගෙන ගිය බෞද්ධ මූර්තිය යළි පාකිස්තානයට

ඡායාරූප මූලාශ්‍රය, AP
'බුද්ධාපාද' නමින් හැඳින්වෙන මෙම ඉපැරණි මූර්තිය පාකිස්තානය සතුව තිබු පුරාවස්තුවකි
වර්ෂ 1980 දී සොරකම් කර ඇමරිකාවට ගෙනගිය පාකිස්තානයේ ශෛලමය බෞද්ධ පුරාවස්තුවක් ඇමරිකාව විසින් නැවතත් පාකිස්තානයට බාර දී ඇත.
ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසට අයත් මෙම මූර්තිය මගින් බුදුන් වහන්සේ ගේ සිරිපා සටහන් නිරුපනය වන අතර ස්වාත් නිම්නයේ සිට ඇමරිකාව දක්වා රහසින් රැගෙන ගොස් තිබුණි.
මෙම පුරාවස්තුව ජපානයේ තෝකියෝ නගරයේ සිට ඇමරිකාවට රැගෙන ගිය ජපන් ජාතික පෞරාණික භාණ්ඩ වෙළෙන්දෙකු පසුගිය අප්‍රේල් මාසයේ දී සොරකම් කරන ලද භාණ්ඩ ළඟ තබාගැනීමේ චෝදනාවට වැරදිකරු විය.
මෙම පුරාවස්තුව පැරණි භාණ්ඩ වෙන්දේසියක දී ඇමරිකානු ඩොලර් මිලියනයකට අලෙවි වනු ඇති බවට අපේක්ෂා කළ නමුත් නිව්යෝර්ක් බලධාරීන් විසින් වෙන්දේසිය වලක්වා තිබුණි.
නිව්යෝර්ක් බලධාරීන් විසින් මෙම වටිනා මූර්තිය බදාදා පැවති විශේෂ උත්සවයක දී ඇමරිකාවේ නියෝජ්‍ය පාකිස්තාන තානාපති රිස්වාන් සයීඩ් වෙත බාර දෙනු ලැබුණි.
මෙය පකිස්තාන සංස්කෘතික ඉතිහාසයේ හමුවන ඉතා වැදගත් මූර්තියක් බව පැවසූ නියෝජ්‍ය තානාපතිවරයා එය ටික කලකට නිව්යෝර්ක් හි ප්‍රදර්ශනයේ තැබෙනු ඇති බවයි සඳහන් කළේ.

ඡායාරූප මූලාශ්‍රය, AP
එය ටික කලකට නිව්යෝර්ක් හි ප්‍රදර්ශනයේ තැබෙනු ඇති බවයි පැවසෙන්නේ
මෙම පුරාවස්තුව "දේපළකට වඩා මහත් වැඩි වැදගත්කමක් ඇති දෙයක්" බවයි මෑන්හැටන් හි නීතිඥයෙකු වන සයිරස් ආර් වෑන්ස් සඳහන් කළේ.
පැරණි භාණ්ඩ අලෙවිකරන්නෙකු වන ජපන් ජාතික තෙත්සුරෝ කකු පවසා තිබුනේ තමා ද පකිස්තාන පුරාවස්තු ආරක්ෂා කිරීම පිළිබඳව තරමක උනන්දුවක් දැක්වුවද එම අදහස ප්‍රතික්ෂේප කළ ඇතැම් විශේෂඥයන් මෙය පාකිස්තානයේ අදාළ ස්ථානයකට ලබා දීම වඩා සුදුසු බව තමාට කී බවයි.
මෙය ලඟ තබා ගැනීමේ වරදට කකු ඩොලර් පන්දාහක දඩයක් ගෙවූ අතර ස්වේච්චාවෙන් රටින් පිටවී ගියේය.

පාකිස්තානයේ ගාන්ධාර බෞද්ධ උරුමය සොයා රාජ්‍ය දූත ගමනක්
ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්රමුඛ කතානායක කරු ජයසූරිය, බෞද්ධ උගතුන් ඇතුළු දූත පිරිසක් ගාන්ධාර බෞද්ධ උරුමය සොයා පාකිස්තානයේ සංචාරයක.