ඊජිප්තු රජයට එරෙහි මාධ්‍යවේදීන් කයිරෝ හිදී අත්අඩංගුවට

Cairo protest
ඡායාරූප ශීර්ෂ වැකිය,

සහෝදර මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වන කයිරෝ මාධ්‍යවේදීන්

රජය විවේචනය කළ මාධ්‍යවේදීන් දෙදෙනෙකු මධ්‍යම කයිරෝවේ පිහිටා ඇති මාධ්‍ය මූලස්ථානයට කඩා වැදුණු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව ඊජිප්තු වාර්තාකරුවෝ පවසති.

කයිරෝ නගරයේ පිහිටා ඇති ජනමාධ්‍යකරුවන්ගේ වෘත්තීය සමිති මූලස්ථානය සෝදිසි කළේ යැයි කියැවෙන පුවත ඊජිප්තු ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරන නමුත් මාධ්‍යවේදීන් දෙදෙනෙකු එහිදී අත්අඩංගුවට ගත් බව සනාථ කර තිබේ.

අම්ර් බද්ර් සහ මහමුද් එල් සක්කා අත්අඩංගුවට ගෙන ඇත්තේ විරෝධතාවක් සඳහා මිනිසුන් පෙළඹවීමේ චෝදනාව මතයි.

ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆැටා සිසි විසින් දූපත් දෙකක් සෞදි අරාබියට භාර දීමට එරෙහිව සති දෙකකට පෙර දහස් ගණනක් විරෝධතාකරුවන් වීදි බැසීම පිළිබඳව වගකිවයුත්තන් සෙවීම පිණිස ඊජිප්තු ආරක්ෂක හමුදා විසින් මෙහෙයුම් අරඹා තිබේ.