නයිරෝබි හි ගොඩනැගිලි සුන්බුන් අතරින් බිලිඳෙක්

Local residents walk near collapsed building - 1 May

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය,

තවත් බොහෝ දෙනෙක් සුන්බුන් අතර සිරවී සිටින බවටයි විශ්වාසය පළකෙරෙන්නේ

දින හතරකට පෙර අප්‍රේල් 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි නුවර දී කඩා වැටුණු තට්ටු ගොඩනැගිල්ලට යටවී සිටි අවුරුද්දක් වයසැති දරුවෙකු සුන්බුන් අතරින් බේරා ගනු ලැබ තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් කඩා වැටුණු මහල් හයකින් යුත් ගොඩනැගිල්ලට යටවී අවම වශයෙන් පුද්ගලයන් 22 දෙනෙකු මරුමුවට පත් විය.

තවත් බොහෝ අය තවමත් ගොඩනැගිලි සුන්බුන් අතර වැළලී ඇති බවටයි විශ්වාසය පළ කෙරෙන්නේ.

මාස ගණනකට පෙර කඩා ඉවත් කිරීමට නියමිතව තිබූ ගොඩනැගිල්ලේ අයිතිකරුවන් පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැමුවෙල් කරන්ජා කමවූ නම් ඔහු ට මෙම ගොඩනැගිල්ලේ කාමර 119 ක් කුලියට දීම සඳහා අවසර තිබී නැත.

ඡායාරූප මූලාශ්‍රය, Twitter

ඡායාරූප ශීර්ෂ වැකිය,

රතුකුරුස සංවිධානයේ ට්විටර් පණිවුඩයක්

මේ දක්වා 135 දෙනෙකු පමණ සුන් බුන් අතරින් බේරාගෙන තිබෙන අතර කෙන්යාවේ රතුකුරුස සංවිධාන ට්විටර් පණිවුඩයකින් හෙලිවන්නේ උදෑසන 04.00 ට පමණ සොයාගනු ලැබූ දරුවා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි.

රාත්‍රිය පුරා තවත් මළ සිරුරු සොයා ගත් බවයි වාර්තාකරුවන් පවසන්නේ.