ටෙඩ් ක්රූස් පරදා ජයගත් ට්‍රම්ප් ට නාමයෝජනා හිමිවන ලකුණු

Image copyright SNS
Image caption ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්වූ තම ප්‍රතිවාදියා වූ ටෙඩ් ක්රූස් හැඳින්වූයේ පරාජය කිරීමට අපහසු තීක්ෂණ දැනුමැති අපේක්ෂකයකු ලෙසටයි

ඇමරිකාවේ එළැඹෙන ජනාධිපතිවරණය සඳහා එකමුතුවී කටයුතු කරන ලෙස රිපබ්ලිකන් පක්ෂයට සහය දෙන සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බව එම පක්ෂයෙන් නාමයෝජනා ලබාගැනීම සඳහා තමන් සමග තරඟ වැදී සිටි ටෙඩ් ක්රූස් පරදා ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

ප්‍රකෝටිපතියෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්වූ තම ප්‍රතිවාදියා වූ ටෙඩ් ක්රූස් හැඳින්වූයේ පරාජය කිරීමට අපහසු තීක්ෂණ දැනුමැති අපේක්ෂකයකු ලෙසටයි.

ඉන්දියානා පළාතේ පැවති ප්‍රාථමික ඡන්ද විමසීමේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ටෙඩ් ක්රූස් පරාජයට පත් කරනු ලැබීමට පැය කිහිපයකට පෙරත් ඔවුන් දෙදෙනා එකිනෙකාට අපහාස කරගනිමින් සිටියහ.

තමාට මින් ඉදිරියට මෙම තරඟයේ ඉදිරියක් නොපෙනෙන බවයි පරාජයට පත්වීමෙන් පසු ටෙඩ් ක්රූස් පැවසූවේ.

රිපබ්ලිකන් පක්ෂ ජාතික කමිටුවේ සභාපති රෙයින්ස් ප්‍රිබස් (Reince Priebus) පැවසුවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට නාම යෝජනා හිමිවිය හැකි බවයි.

ඔහු පක්ෂයෙන් ඉල්ලා සිටියේ ඩිමොක්ක්‍රටික් පක්ෂයේ අපේක්‍ෂකත්වය හිමිවන බව පෙනෙන හිලරි ක්ලින්ටන් පරාජය කිරීම සඳහා අවධානය යොමු කරන ලෙසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර