ෆේස්බුක් ඔස්සේ ජනපති සහ අගමැතිට තර්ජන: 'දිගටම පරීක්ෂණ'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට තර්ජන එල්ල කිරීමට අනුබල දුන් දේශීය සහ ජාත්‍යන්තර පුද්ගලයින් හඳුනාගැනීම සඳහා දිගටම පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.
රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඒ බව දැනුම් දුන්නේ ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට තර්ජන එල්ල කිරීමේ චෝදනා මත අත්අඩංගුවේ පසුවන සුගත් කුමාර ලක්මන නමැති සැකකරු සම්බන්ධ විභාගය කැඳවනු ලැබූ අවස්ථාවේ.
සිදුවීම සම්බන්ධයෙන් සමාව ගෙන නඩුව අවසන් කිරීමට සැකකරු සූදානම් බව සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුගේ නීතිවේදියා පැවසීය.
අනුබල දුන් පුද්ගලයන්
එහෙත් රහස් පොලිසිය කරුණු දක්වමින් මෙම සැකකරුගේ තර්ජනාත්මක ප්‍රකාශය අඩංගු වීඩියෝ පටය 4500 කට අධික පිරිසක් අතරේ සංසරණය වී ඇති බව සඳහන් කළේය.
එබැවින් එම ක්‍රියාව සිදුකිරීම සඳහා සැකකරුට අනුබල දුන් දේශීය සහ ජාත්‍යන්තර පුද්ගලයින් හඳුනාගැනීම සදහා පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය පැවසීය.
විසා බලපත්‍ර නොමැතිව, දේශපාලන රැකවරණ පැතූවකු ලෙස මැලේසියාවේ රැඳී සිටි මෙම සැකකරු සතුව තිබු ලේඛන පිලිබදව පරීක්ෂණ පවත්වන බවද රහස් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය කියා සිටියේ විමර්ශන කටයුතු අවසන් නොමැති බැවින් මේ අවස්ථාවේ ඇප ලබාදීම තුළින් පරීක්ෂණවලට හානි සිදුවිය හැකි බවයි.
සැකකරු ලබන 20 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද අධිකරණය නියම කළේය.