ඉරාකය පුරා 50 කට අධික සමූහ මිනීවළවල්

People in forensic suits and masks crowding around a digger

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය,

අප්‍රේල් මාසයේ දී රමාදී නගරයෙන් සොයා ගත් සමුහ මිනීවළවල් වලින් පමණක් පුද්ගලයන් 40 කට අයත් සිරුරුර් කොටස් සොයා ගෙන තිබේ

ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධකරුවන් ගේ පාලනයේ පැවති ඉරාකයේ විවිධ ප්‍රදේශ වලින් සමූහ මිනීවළවල් 50 කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ජෑන් කුබිස් ප්‍රකාශ කළේ මේවා ඉස්ලාම් රාජ්‍ය සංවිධානය සිදුකළ අති බිහිසුණු අපරාධ පිලිබඳ සාක්‍ෂි බවයි.

මෙම සමුහ මිනීවළවල් සොයාගැනීමට හැකිවූයේ මෑතක දී එම ප්‍රදේශ IS සන්නද්ධකරුවන්ගේ ග්‍රහණයෙන් මුදාගත් පසුවයි.

වඩාත් මෑතක අප්‍රේල් මාසයේ දී රමාදී නගරයෙන් සොයා ගත් සමුහ මිනීවළවල් වලින් පමණක් පුද්ගලයන් 40 කට අයත් සිරුරුර් කොටස් සොයා ගෙන තිබේ.

2015 මැයි මාසයේ දී ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධකරුවන් විසින් අත් පත් කරගත් රමාදී නගරය ඉරාක හමුදාව විසින් නැවත අත්පත්කර ගනු ලැබුවෙ එම වසරේ ම දෙසැම්බර් මාසයේ දීය.

එහෙත් 2016 වසරේ පෙබරවාරි මස රමාදී නගරය සම්පුර්ණයෙන්ම ඉරාක රජයේ හමුදා පාලනයට ගන්නා තෙක්ම තැනින් තැන සුළු ප්‍රහාර එල්ලවීම් පැවතිනි.

උතුරු ඉරාකයේ සින්ජාර් බටහිර ඉරාකයේ අන්බාර් උතුරු ඉරාකයේ ටික්රිට් යන ප්‍රදේශ වලින් සමූහ මිනීවළවල් හමුවී තිබේ.

මරා දැමුවන් අතර රජයේ සොල්දාදුවන්, සුළු ජාතික යසිදී ගෝත්‍රයට සහ වෙනත් ගෝත්‍ර වලට අයත් පිරිස් ද සිටින බවයි වාර්තාවන්නේ.

ඉරාකයේ පමණක් නොව IS පාලනයේ පැවති සිරියාවේ ද සමූහ මිනීවළවල් හමුවී තිබේ.

ජෑන් කුබිස් ඉරාකයේ එක්සත් ජාතීන්ගේ ආධාර වැඩ සටහනේ නියෝජිතයායි.

ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායම් විසින් සිදුකළ ඝාතනය කිරීම් පැහැරගෙනයාම්, ස්ත්‍රී දුෂණ සහ වධහිංසා මිනිස් සංහතියට එරෙහිව සිදුකළ අපරාධ මෙන්ම ජන සංහාරය අරමුණු කරගත් යුද අපරාධ බවයි ඔහු පැවසුවේ.