'න්‍යෂ්ටික අවි භාවිතා කරන්නේ තර්ජනයකදී පමණයි'

Kim Jong-un speaking from a lecturn

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

ජාත්‍යන්තර ප්‍රඥප්තියෙන් ඉවත් වී උතුරු කොරියාව පළමු වරට න්‍යෂ්ටික අවි අත්හදා බැලුවේ 2006 දීයි

තම රටේ ස්වාධිපත්‍යයට තර්ජනයක් එල්ල නොවන තාක් න්‍යෂ්ටික අවි පාවිච්චි නොකරන බව උතුරු කොරියානු නායකයා ප්‍රකාශ කර තිබේ.

උතුරු කොරිජානු නායක කිම් ජොන්ග් උන් මේ ප්‍රකාශය කළ බව වාර්තා කරනු ලැබ ඇත්තේ එරට රාජ්‍ය විසිනි.

කෙසේ නමුත් උතුරු කොරියානු නායකයා න්‍යෂ්ටික අවි සීමා කිරීමට යන බවට කර ඇති ප්‍රකාශය දකුණු කොරියාව ප්‍රතික්ෂේප කර තිබේ.

ඔවුන් කියා සිටින්නේ උතුරු කොරියානු නායකයා භාවිතා කර ඇති වදන් වලින් අර්ථ දැක්වෙන්නේ සෙසු ලෝකය න්‍යෂ්ටික අවි නතර කළහොත් පමණක් තමන් ද එසේ කරන බවයි.

මිතු දම්

ජාත්‍යන්තර ප්‍රඥප්තියෙන් ඉවත් වී උතුරු කොරියාව පළමු වරට න්‍යෂ්ටික අවි අත්හදා බැලුවේ 2006 දීයි.

ඔවුහු දකුණු කොරියාවට සහ එක්සත් ජනපදයට දිගින් දිගටම තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කරමින් සිටියහ.

නමුත් තම සතුරු රටවල් සමඟ මිතු දම් ඇති කර ගැනීමට තමා සුදානම් බව නායක කිම් ජොන්ග් උන් සිකුරාදා (06) ආරම්භ කෙරුණු සිය පක්ෂ සම්මේලනයේදී කිහිප වතාවක්ම ප්‍රකාශ කළේය.

මේ අතරතුර පස් වැනි වතාවටත් න්‍යෂ්ටික අත්හදා බැලීමක් කිරීමට උතුරු කොරියාව සැරසෙන බවට රාවයක් පැතිරෙමින් තිබේ.