බුද හිරු හෙවනැල්ලේ

Mercury transit

ඡායාරූප මූලාශ්‍රය, NASA

ඡායාරූප ශීර්ෂ වැකිය,

සූර්යාගේ විශාල මතුපිට ඉදිරියේ පෙනෙන බුද ග්‍රහයා

මෙම ශතවර්ෂය තුළ දාහතර වන වතාවක් සිදු වීමට නියමිත බුද සංක්‍රාන්තියේ තෙවන වතාව නැරඹීමට ලෝකය වටා තාරකා නිරීක්ෂකයන් උනන්දුවෙන් බලා සිටියි.

ග්‍රිනිච් මධ්‍යහන වේලාවෙන් 11.12 සිට 18.42 දක්වා කාලය තුළ බුද ඝහයා හිරු සහ පෘතුවිය අතර දර්ශනය වීමට නියමිතයි.

බුද ග්‍රහයා පෘතුවිය සහ හිරු අතරින් නැවත ගමන් කිරීමට යෙදී තිබෙන්නේ 2019 වසරේ වන අතර ඉන් පසු නැවතත් 2023 වසරේ දී බුද ග්‍රහණයක් සිදු වීමට නියමිත බවයි තාරකා විද්‍යාඥයන් පවසන්නේ.

සාමාන්‍ය මිනිස් ඇසින් නැරඹීමට ඉතාමත් අපහසු මෙන්ම ඇසට හානිකර බුද සංක්‍රාන්තිය සාමාන්‍ය දුරදක්නයකින් පවා නැරඹීම සෞඛ්‍යට හිතකර නොවේ.

කෙසේ වෙතත් මෙවර ලොව වටා තාරකා විද්‍යා කණ්ඩායම් විශේෂ පෙරණ යොදා ආරක්ෂා සහිත වන ලෙස සකසනු ලැබූ දුරේක්ෂ හරහා බුද සංක්‍රාන්තිය නැරඹීමට ජනතාවට අවස්ථාව සැලසීමට කටයුතු යොදා තිබේ.

ඊට අමතරව අභ්‍යවකාශයේ සිට බුද සංක්‍රාන්තිය පෙනෙන ආකාරය සහ පෘතුවියට එය දර්ශනය වන ආකාරය සජීවීව විකාශය කිරීම් අන්තර්ජාලය හරහා ලබා දීමටද කටයුතු සුදානම්ව පවතියි.

සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රමාණයෙන් කුඩාම සාමාජිකයා වන බුද ග්‍රහයා සෑම දින අසූ අටකට වරක්ම හිරු වටා බ්‍රමණය වන නමුත් බුද ග්‍රහයාගේ කක්ෂය පිහිටන්නේ පෘතුවියට සාපේක්ෂව පැත්තකට ඇල වයි, මේ හේතුව නිසා හිරු, බුද සහ පෘතුවිය එකම පෙළකට පිහිටන්නේ කලාතුරකිනි.

ඡායාරූප මූලාශ්‍රය, ESA/NASA/SOHO

ඡායාරූප ශීර්ෂ වැකිය,

2006 වසරේ බුද ග්‍රහණය සෝහෝ ආකාශ දුරේක්ෂයේ සටහන් වූ අයුරු