ජර්මනියේ දුම්රිය මගියෙකුට පිහියෙන් ඇන මරා දමයි

Attack in Germany Image copyright APTN
Image caption ඉස්ලාම්වාදී කණ්ඩායම් සහ මෙම සිදුවීම අතර සම්බන්ධයක් ඇතිදැයි පොලීසිය පරීක්ෂණ අරඹා තිබේ.

නැගෙනහිර මියුනිච් නගරයේ දුම්රිය ස්ථානයක දී සිදුවූ පිහියා ඇනුමකින් එක් පුද්ගලයෙක් මියගොස් තවත් තුන් දෙනෙකුට තුවාල සිදුවී තිබේ.

ඉස්ලාම්වාදී කණ්ඩායම් සහ මෙම සිදුවීම අතර සම්බන්ධයක් ඇතිදැයි පොලීසිය පරීක්ෂණ අරඹා තිබේ.

අඟහරුවාදා උදෑසන 5.00 ට මද වෙලාවකට පෙර නැගෙනහිර මියුනිච් හි ග්රැෆින් දුම්රිය ස්ථානයේ දී සිදුවූ මෙම සිදුවීමෙන් තුවාල ලද අනෙක් තිදෙනාගෙන් එක් අයෙකු ගේ තත්වය බරපතල බවයි වාර්තාවන්නේ.

පොලීසිය විසින් ප්‍රහාරකයා මෙල්ල කරගත් අතර දැන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය දුටු ඇතැම් අය පවසන්නේ ප්‍රහාරකයා 'අල්ලාහු අක්බර්' (දෙවියන් ශ්‍රේෂ්ඨයි) යනුවෙන් මහහඬින් කෑ ගැසූ බවයි.

නමුත් මෙම ප්‍රහාරයයේ අරමුණ පැහැදිලි නැති බවයි පැවසෙන්නේ.

ග්රැෆින් නගරාධිපති ඇන්ජෙලිකා ඔබර්මයර් මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ මෙම ප්‍රහාරය එල්ල කළ සැකකරු ජර්මන් ජාතිකයෙකු බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර