පිලිපීන ජනපති පදවිය රොඩ්රිගෝට

Image copyright EPA
Image caption ඔහු නගරාධිපතිවරයාව සිටි දාවෝ නගරයේ ජනයා රොඩ්රිගෝ ගේ ජයග්‍රහණයෙන් ප්‍රමෝදයට පත් වී සිටිති

පිලිපීන ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීම් වලින් පසු අපේක්ෂක රොඩ්රිගෝ දුටාර්ටේ ජයග්‍රහණය ලබා සිටින බව වාර්තාවේ.

දැඩි ලෙස විවේචනයට ලක්වී සිටි අපේක්ෂකයෙක් වූ ඔහුගේ ප්‍රකාශකයෙක් පැවසුවේ අපරාධ සහ මත්ද්‍රවය මර්ධනයට ප්‍රමුඛස්ථානයක් ලබාදීමේ ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීමට ඔහු කටයුතු කරනු ඇති බවයි.

රොඩ්රිගෝ තම මැතිවරණ ව්‍යාපාරය තුළ සැම විටම ඉස්මතු කොට දක්වා තිබුණේ අපරාධ සහ මත් ද්‍රවය මර්ධනය කිරීමට ප්‍රමුඛත්වය දී කටයුතු කිරීමයි.

තමාගේ ජයග්‍රහණයෙන් පසු දහස් ගණනක් අපරාධකරුවන් මරා දමන බවට ඔහු විසින් කරන ලද ප්‍රකාශයට දැඩි විරෝධතා එල්ලවෙමින් පැවතුණි.

එසේම පිලිපීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කොට පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් ඇති කිරීම කෙරෙහිද ඔහු ගේ අවධානය යොමු වී තිබේ.

රොඩ්රිගෝ ගේ ප්‍රධාන ප්‍රතිවාදීන් දෙදෙනා පරාජය පිළිගෙන තිබූ අතර තම ජයග්‍රහණයයෙන් පසු දෙමව්පියන්ගේ සොහොන් කොත අසලට ගිය ඔහු රුපවාහිනී කැමරා ඉදිරියේදීම කඳුළුසලමින් වැළපුණු බවයි වාර්තාවන්නේ.

දකුණු පිලිපීනයේ පිහිටි දුප්පත් ජනතාවක් වෙසෙන මින්දනාවෝ දුපතෙන් පැමිණ ජනාධිපති පදවියට පත්වන ප්‍රථම පිලිපීන ජාතිකයා වන්නේ රොඩ්රිගෝ දුටාර්ටේයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර