අයිඑස් ප්‍රහාරයකින් යේමනයේ 'විසිපහක් මරුට'

ඡායාරූප මූලාශ්‍රය, AFP /Getty
අල් කයිඩා සංවිධානය අත පැවති මුකල්ලා නගරය පසුගිය මාසයේදී යේමන හමුදා නැවත අත්පත් කර ගත්හ.
යේමනයේ මුකල්ලා නගරයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වී අලුතෙන් බඳවා ගනු ලැබූ පොලිස් භටයන් විසි පස් දෙනෙකුවත් මරුමුවට පත් වී ඇති බව එරට බලධාරීහු පවසති.
ප්‍රහාරයේ වගකීම තමන් බාර ගන්නා බව ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය නිවේදනය කොට තිබේ.
බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත්තේ නවක භටයන් පොලිස් මූලස්ථානයක් අසල පෝලිම් ගැසී සිටියදී.
අල් කයිඩා සංවිධානය අත පැවති මුකල්ලා නගරය පසුගිය මාසයේදී යේමන හමුදා නැවත අත්පත් කර ගත්හ.
2011 වසරේ සිට මේ දක්වා යේමනයේ පවතින ගැටුම්වලට මැදි වී උන් හිටිතැන් අහිමි වූ සංඛ්‍යාව ලක්ෂ විස්සකට ආසන්නයි.
යේමනයේ මුකල්ලා නගරයේ දී අල් ඛයිදාවේ 800 ක් මරුට
මිත්‍ර හමුදා විසින් එල්ලකළ ප්‍රහාරයකින් මුකල්ලා (Mukalla) වරාය නගරයේදී අල් ඛයිදා සන්නද්ධකරුවන් 800ක් මරා දමනු ලැබූ බව මිත්‍ර හමුදා අණදෙන නිලධාරීහු පවසති.