පාර්ලිමේන්තුව තුළ ලිංගික හිංසනයට එරෙහිව හිටපු ඇමතිවරියෝ

Image caption ප්‍රංශ පාර්ලිමේන්තුව තුළ සිදුවන බව පැවසෙන ලිංගික හිංසනයට එරෙහිව වීදි බට කාන්තාවෝ

දේශපාලනය තුළ පවතින ලිංගික හිංසනය හමුවේ තවදුරටත් නිහඬව නොසිටින බව ප්‍රංශ පාර්ලිමේන්තුවේ හිටපු අමාත්‍යවරියෝ 17 දෙනෙකු ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

පසුගිය සතියේ ප්‍රංශ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ඩෙනිස් බෝපින් ඉල්ලා අස්වූයේ ලිංගික හිංසා කිරීමක් පිළිබඳ චෝදනාවක් හේතුවෙන්.

කෙසේ වුවද ඩෙනිස් විසින් එම චෝදනාව ප්‍රතික්ෂේප කරනු ලැබ තිබුණි.

Image caption පසුගිය සතියේ ඉල්ලා අස්වූ නියෝජ්‍ය කතානායක ඩෙනිස් බෝපින්

විවිධ දේශපාලන පක්ෂ වලට අයත් හිටපු අමාත්‍යවරියන් පැවසුවේ පිරිමින් පමණක් සිටින වට පිටාවක දී තමන් ලිංගිකත්වය මත පීඩාවට පත්වන බවයි.

කාන්තා අයිතීන් පිළිබඳ හිටපු අමාත්‍යවරියක් වන යුවෙතේ රෞදී ප්‍රංශ ප්‍රවෘත්ති වැඩසටහනක දී පැවසුවේ මිනිසුන් ඒ ආකාරයෙන් හැසිරීමට පෙළඹී ඇත්තේ කාන්තාවන් එයට කැමැත්තක් දක්වන්නේය යන වැරදි විශ්වාසය නිසා බවයි.

කාන්තාවන් සැමටම ගණිකා වෘත්තියේ යෙදෙන්නන් ලෙස සැලකීමට පුරුෂයන්ට අයිතියක් නැති බව ඔවුන්ට කියා දිය යුතු බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.