තවත් පාර්ලිමේන්තු ගුටිකෙළියක්
තවත් පාර්ලිමේන්තු ගුටිකෙළියක්
දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුවේ විපක්ෂ සාමාජිකයන් කණ්ඩායමක් සභා ගැබෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කිරීමත් සමග ගුටිබැට හුවමාරුවක් ආරම්භ විය.
ජනපති ජේකොබ් සූමා සභාව අමතන අවස්ථාවේ විපක්ෂය නියෝජනය කරන වාමාංශික මන්ත්‍රීවරුන් පිරිසක් ඔහුට බාධා කොට ඇති අතර එම පිරිස සභා ගැබෙන් ඉවත් කරන මෙන් කථානායකවරයා නියෝග කොට තිබේ.
ඒ සමග ගුටිබැට හුවමාරුවක් හට ගෙන ඇති අතර මසකට අඩු කාලයක් තුළ එරට පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් ඇති වූ දෙවන අවස්ථාව මෙයයි.
සිය පෞද්ගලික නිවසේ අලුත්වැඩියා කටයුතු සඳහා මහජන මුදල් වැය කිරීමෙන් දකුණු අප්‍රිකානු ජනපතිවරයා එරට ව්‍යවස්ථාව උල්ලංඝනය කොට ඇති බවට අධිකරණ තීන්දුවක් ලබා දී ඇති බැවින් ඔහු ධුරයෙන් ඉවත් විය යුතු බවයි 'EFF' පක්ෂය පවසන්නේ.
දකුණු අප්‍රිකානු ජනපති ජේකොබ් සූමා එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.