ඊජිප්තු යානයේ කොටස් හමුවෙයි

ඡායාරූප මූලාශ්‍රය, AP
තම ඥාතීන් ට සිදුවූ දේ දැනගැනීමට කයිරෝ ගුවන් තොටුපළේ රැඳී සිටින කාන්තාවක්
අතුරුදහන් වූ ඊජිප්තු යානයේ කොටස් සහ මගීන්ගේ ගමන්මළු ඇලෙක්සන්ඩ්රා හි වෙරළ තීරයෙන් සැතපුම් 180 ඈතින් හමුවූ බව ඊජිප්තු හමුදා ප්‍රකාශකයෙක් පවසයි.
මධ්‍යධරණී මුහුදේ දී අතුරුදහන් වූ 'ඊජිප්ට් එයාර්' ගුවන් යානය සෙවීමේ විශාල මෙහෙයුමක් අද සිකුරාදා දෙවැනි දිනයටත් සිදුවෙමින් පවතී.
ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය හමුදා කණ්ඩායම් ග්‍රීක දූපතක් වන කර්පතොස් අසල මුහුදේ සිදු කෙරෙන මෙහෙයුම් වල යෙදී සිටිති.
MS804 ගුවන් යානය බ්‍රහස්පතින්දා පැරීසියේ සිට මගීන් සහ කාර්යමණ්ඩලය ඇතුළු 66 දෙනෙකු රැගෙන ඊජිප්තුවේ කයිරෝ නුවර බලා පියාසර කරමින් තිබියදීය අතුරුදහන් වූයේ.
ග්‍රීසිය පවසන්නේ යානය මුහුදට කඩා වැටීමට පෙර දෙවරක් කරකැවී ඇති බවයි.
මෙම කඩා වැටීම කාර්මික දෝෂයකට වඩා ත්‍රස්තවාදී ක්‍රියාවක් හේතුවෙන් සිදුවී ඇති බවටයි ඊජිප්තුව පවසන්නේ.
මීට පෙර එම යානයේ කැබැල්ලක් සොයාගත් බව ඊජිප්තු බලධාරීන් පැවසුවද පසුව එය වැරදීමක් බවයි ප්‍රකාශ කර තිබුණේ.