ලෝක බොදු මහ සමුළුව ලුම්බිණියේ දී

Buddhist Conference
ඡායාරූප ශීර්ෂ වැකිය,

19 වැනිදා ඇරඹි මෙම සමුළුවට ලොවපුරා රටවල බෞද්ධ භික්ෂූන්වහන්සේලා සහ බුදු දහම උගන්වන ගුරුවර ගුරුවරියන්ද පැමිණ සිටිති

ඉන්දියාව ඇතුළු රටවල් 28 ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනය පැවැත්වෙන බව නේපාලයේ සංචාරක අමාත්‍යාංශය පවසයි.

මෙවර සම්මේලනය බුදුන් වහන්සේ උපත ලද ස්ථානය ලෙස සැලකෙන ලුම්බිණී හී දී පැවැත්වෙන අතර 'ලුම්බිණී ප්‍රඥප්තිය' ප්‍රකාශයට පත් කිරීමද එහි දී සිදුවන බවයි ඔවුන් පවසන්නේ.

රටවල් පහක සංස්කෘතික අමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් මෙන්ම ඔස්ට්‍රේලියාව සහ ස්විස්ටර්ලන්තය ඇතුළු තවත් රටවල් 28 ක නිලධාරීන් ද මෙම සමුළුවට සහභාගීවී සිටින බවයි වාර්තා වන්නේ.

Buddhist Conference

19 වැනිදා ඇරඹි මෙම සමුළුවට ලොවපුරා රටවල බෞද්ධ භික්ෂූන්වහන්සේලා සහ බුදු දහම උගන්වන ගුරුවර ගුරුවරියන්ද පැමිණ සිටිති.

බෞද්ධ දර්ශනයට අදාළ ගවේෂණයන් පිලිබඳ පත්‍රිකා 19 ක් මෙම සමුළුවේ දී ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

තුන්වැනි දිනය වන වෙසක් දිනයේ දී ලුම්බිණියේ පැවැත්වෙන 2560 වැනි බුද්ධ ජයන්ති උළෙලට සහභාගීවන නියෝජිත පිරිස'ලුම්බිණී ප්‍රඥප්තිය' ප්‍රකාශයට පත්කරන්නේ එහිදීයි.

මෙම ප්‍රඥප්තිය සම්මත කිරීමෙන් පසු සියලු රටවල නායකයන් වෙත බුදුන් වහන්සේගේ උත්පත්තිය සිදුවූ ස්ථානය පිළිබඳව පවතින දුර්මත නිහඩ කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින ලිපි යැවීමට සූදානම් බවයි නේපාල සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් ප්‍රේම කුමාර් රායි ප්‍රකාශ කළේ.

Buddhist Conference

(මෙය ඇතැම්විට බුදුන්වහන්සේ ගේ උපත ලැබූ ස්ථානය ඉන්දියාව බවට පවතින මත වාදයට ප්‍රතිපක්ෂ වීමක් විය හැකි බවයි විචාරකයින් පවසන්නේ).

රජය ඉදිරි අය වැය මගින් බෞද්ධ සිධස්ඨාන ආවරණය වන පරිදි සංචාර ප්‍රවර්ධනය කිරීම පිණිස මුදල් වෙනකිරීමට එකඟවී ඇති බව පැවසූ රායි පැවසුවේ බුදුන්වහන්සේ ගේ උපත සිදු වූ ලුම්බිණිය බෞද්ධ දර්ශනයේ තිඹිරිගෙය බවට ස්ථාපිත කිරීම අරමුණ වී ඇති බවයි වැඩිදුරටත් පැවසුවේ.