කාම්බෝජයේත් සර්වඥ ධාතු වැඩමවීමක්

ඡායාරූප මූලාශ්‍රය, AP
ධාතුන් රැගත් රන් කරඬුවක් එරට කඳු මුදුනක පිහිටුවා ඇති පන්සලක් වෙත වැඩමවීමවුයේ දර්ශනීය රථයකිනි
සිකුරාදා නොම් පෙන් අගනුවරට රැස්වූ දහස් සංඛ්‍යාත කාම්බෝජ ජනතාව බුදුන් වහන්සේගේ ධාතු යැයි විශ්වාස කරන ධාතුන් රැගත් රන් කරඬුවක් එරට කඳු මුදුනක පිහිටුවා ඇති පන්සලක් වෙත වැඩමවීමට සහභාගී වී සිටියහ.
බෞද්ධ දින දර්ශනයේ ඉතා වැදගත්ම දිනය වන බුදුන් වහන්සේගේ ඉපදීම සැමරෙන දිනය ඉලක්ක කර ගෙන මෙම වැඩමවීම සංවිධානය කර තිබුණි.
මින් වසර තුනකට සිදුවූ සොරකමක් සම්බන්ධයෙන් ආරක්ෂක නිලධාරීන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට ධාතුන් තැන්පත් කරන පන්සලේ ආරක්ෂාව තර කිරීමට කාම්බෝජ රජය කටයුතු කර තිබේ.

ලෝක බොදු මහ සමුළුව ලුම්බිණියේ දී
මෙවර සම්මේලනය බුදුන් වහන්සේ උපත ලද ස්ථානය ලෙස සැලකෙන ලුම්බිණී හී දී පැවැත්වෙන අතර 'ලුම්බිණී ප්රඥප්තිය' ප්‍රකාශයට පත් කිරීමද එහි දී සිදුවන බවයි පැවසෙන්නේ