ජපන් තරුණියකගේ මරණයට සැකපිට ඔකිනාවා හි ඇමරිකානුවෙකු අත්අඩංගුවට

Image copyright AFP
Image caption 2015 වසරේ මැයි මස 24 වෙනි දින ඔකිනාවා හි ඇමරිකානු කඳවුරට විරෝධය පළකරමින් තෝකියෝවේ පැවති උද්ඝෝෂණයක්

ජපානයේ ඔකිනාවා දූපතේ පිහිටා ඇති ඇමරිකානු හමුදා මුලස්ථානයේ අණදෙන නිලධාරීවරයා වෙත ජපාන ආරක්ෂක අමාත්‍යවරයා විසින් විරෝධතාවක් ඉදිරිපත්කර තිබේ.

එම හමුදා කඳවුරේ සේවය කරන ඇමරිකානුවකු අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි අමාත්‍ය ජෙනරාල් නකතනි කඳවුර තුළ විනය ආරක්ෂා කරගන්නා ලෙස ඉල්ලා ඇත්තේ.

පසුගිය අප්‍රේල් මාසයේ සිට අතුරුදහන් වී සිටි ජපන් තරුණියක ගේ මරණය සම්බන්ධයෙන් ඔකිනාවා කඳවුරේ ඇමරිකානුවකු අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ජපන් අගමැති ෂින්සෝ අබේ පවසා තිබුණේ ලබන සතියේ ඇමරිකානු ජනපති ඔබාමා ජපාන සංචාරයට පැමිණි විට ඔහු හමුවේ මෙම සිදුවීම පිලිබඳ රජයේ විරෝධය පළ කරන බවයි.

බීබීසී යෙන්