ඊජිප්තු යානයේ සුන්බුන්වල ඡයාරූප නිකුත්වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Egyptian armed forces
අතුරුදහන් වූ යානයෙන් වැටුණු බවට සැලකෙන මැගී ආරක්ෂක කබායක්
අතුරුදහන් වූ ඊජිප්තු ගුවන්යානයට අයත් මගී ආරක්ෂක කබා සහ යානයේ සුන්බුන් බවට සැලකෙන කොටස් කිහිපයක ඡයාරූප මාධ්‍යයට නිකුත් කොට තිබේ.
A320 එයාර් බස් යානය පුද්ගලයන් 66 දෙනෙකු රැගෙන පැරිස් නුවර සිට කයිරෝ නුවර දක්වා පියාසර කරමින් තිබියදීය අතුරුදහන් වූයේ.
ඊජිප්තු ගුවන් යානය මධ්‍යධරණී මුහුදට කඩා වැටීමට මොහොතකට පෙර යානය තුළ දුම් සංඥා නිකුත්වූ බව යානයෙන් නිකුත්කර ඇති ස්වයංක්‍රීය පණිවුඩ මගින් සනාථ වන බව ප්‍රංශ ගවේෂණ කණ්ඩායම පවසයි.
'ගුවන් ගමන් ආරක්ෂක ඒජන්සිය' ප්‍රකාශ කළේ එම පණිවුඩ මගින් සාමාන්‍යයෙන් කියැවෙන්නේ ගින්නක ආරම්භය බවයි.
ප්‍රංශයේ විදේශ අමාත්‍ය ජීන් මාර්ක් පැවසුවේ මෙම යානයේ අතුරුදහන් වීම පිලිබඳ දැනට පවතින මත වල ඇත්තේ ඒක හා සමාන වියහැකියාවක් මිස එකක් අනෙකට වඩා බලවත් යැයි කිව නොහැකි බවයි.
ඡායාරූප මූලාශ්‍රය, Egyptian armed forces
යානයේ ආසන වලට සම්බන්ධ කැබලි කිහිපයක්
ඡායාරූප මූලාශ්‍රය, Egyptian armed forces
ඡායාරූප මූලාශ්‍රය, Egyptian armed forces
ඡායාරූප මූලාශ්‍රය, The Aviation Herald
දුම් සංඥා නිකුත් වූ බවට සාධක ලබාදෙන ස්වයංක්‍රීය පණිවුඩ වාර්තාව