අඩ සියවසකට පසු ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයෙක් මියන්මාරයේ

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මියන්මාරයේ සංචාරයක නිරතවෙමින් සිටී.
අඩ සියවසකට පසු පළමු වතාවට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු මියන්මාරයේ සංචාරය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස රජයක් බලයට පත්වීමෙන් පසුවයි.
මියන්මාරයේ නව රජයේ නිල නොවන රාජ්‍ය නායකයා වන අවුන් සාන් සුචී සමග පැවති හමුවේ දී ජෝන් කෙරී පැවසුවේ වසර ගණනාවක හමුදා පාලනයකින් පසු මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත වීම ලොවපුරා ජනතාවට අගනා පණිවුඩයක් රැගෙන එන බවයි.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන ආකාරයට රාජ්‍ය ලේකම්වරයා ගේ මෙවර සංචාරයේ අරමුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම හා ආර්ථික ප්‍රතිසංවිධානය පිළිබඳව මියන්මාර නව රජය උනන්දුකරවීම බවයි.
පසුගිය සතියේ දී මියන්මාරයේ බැංකු සහ රාජ්‍ය සමාගම් වෙත ඇමරිකාව විසින් පනවා තිබූ සම්බාධක ඉවත් කරනු ලැබ තිබුණි.