සිරියානු අර්බුදය: අසාද්ගේ බලකඳවුරු දෙකකට දරුණු ප්‍රහාර

Photo released by Syrian state media showing aftermath of bomb attack in Tartous (23 May 2016) Image copyright AP
Image caption ටාර්ටවුස් වරාය නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ අසල මිනිත්තු කීපයක් ඇතුළත මරාගෙන මැරෙන බෝම්බයක් සහ මෝටර් රථ බෝම්බයක් පුපුරා ගොස් ඇත

සිරියානු ආණ්ඩුවේ පාලනය යටතේ පවතින බල කඳවුරු දෙකකට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවකින් හැත්තෑ අට දෙනකුවත් මරුමුවට පත් වූ බව රජයේ මාධ්‍ය පවසයි.

ටාර්ටවුස් වරාය නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ අසල මිනිත්තු කීපයක් ඇතුළත මරාගෙන මැරෙන බෝම්බයක් සහ මෝටර් රථ බෝම්බයක් පුපුරා ගොස් තිබේ.

උතුරු දිග ජෙබ්ලා නගරයේ ස්ථාන හතරක් බෝම්බ ප්‍රහාරවල ඉලක්ක බවට පත් වී ඇති අතර බස් නැවතුම්පොළක් සහ රෝහලක් ද ඒ අතර වේ.

ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානයට සම්බන්ධ පුවත් ආයතනයක් කියා සිටියේ ඉහත කී ප්‍රහාර පිටුපස එම සංවිධානය සිටින බවයි.

රුසියාවේ සහාය ලබන සිරියානු ජනපති බෂාර් අල් අසාද්ගේ පාලනය යටතේ පවතින නාවුක කඳවුරක් ටාර්ටවුස් නගරයේ පිහිටා ඇත.

සිරියාව පුරා ක්‍රියාත්මක අයිඑස් කඳවුරු වෙත එල්ල කෙරෙන ගුවන් ප්‍රහාර මෙහෙයවනු ලබන ආණ්ඩුවට අයත් ගුවන් හමුදා මූලස්ථානයක් ජෙබ්ලා නගරයේ පිහිටා තිබේ.

ජෙබ්ලා නගරයට එල්ල වූ ප්‍රහාරවලින් මිය ගිය වැඩි දෙනකු කාන්තාවන් සහ දරුවන් බවයි පොලිස් වාර්තා උපුටා දක්වමින් සිරියානු රජයේ මාධ්‍ය නිවේදනය කළේ.

Image copyright AFP
Image caption ජෙබ්ලා නගරයේ ස්ථාන හතරක් බෝම්බ ප්‍රහාරවල ඉලක්ක බවට පත් වී ඇති අතර බස් නැවතුම්පොළක් සහ රෝහලක් ද ඒ අතර වේ
Image copyright AFP
Image caption ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානයට සම්බන්ධ පුවත් ආයතනයක් කියා සිටියේ ඉහත කී ප්‍රහාර පිටුපස එම සංවිධානය සිටින බවයි

සිරියානු සිවිල් යුද්ධයට මැදි වී මරුමුවට පත් පිරිස දෙලක්ෂ පනස්දහසකට අධික වන අතර ගැටුම්වලට මැදි වී දස ලක්ෂයක පිරිසක් තුවාල ලබා තිබේ. එක් කෝටි දස ලක්ෂයකට උන්හිටි තැන් අහිමි විය.

ජීවිත ආරක්ෂාව පතා යුරෝපය ඇතුළු වෙනත් රට වලට පළා ගොස් සිටින පිරිස හතළිස් ලක්ෂයකට ආසන්න වෙති.

සබැඳි විෂයයන්

බීබීසී යෙන්