ග්‍රීසියේ සරණාගතයන් නව කඳවුරු වෙතට රැගෙන යයි

ඡායාරූප මූලාශ්‍රය, AP
රැඳවියන් වඩාත් පහසුකම් ඇති නිල කඳවුරු වෙත රැගෙන යනු ඇති බවයි වාර්තා වන්නේ
මැසිඩෝනියාවට නුදුරු ඉදෝමෙනි හි ඇති රැඳවුම් කඳවුරෙන් දහස් ගණනක් සරණාගතයන් ඉවත්කිරීමේ මෙහෙයුමක් ග්‍රීක බලධාරීන් විසින් අරඹා තිබේ.
උදෑසනම කඳවුරට පැමිණි සිය ගණනක් පොලිස් නිලධාරීන් විසින් රැඳවියන් වඩාත් පහසුකම් ඇති නිල කඳවුරු වෙත රැගෙන යනු ඇති බවයි වාර්තා වන්නේ.
මෙම මෙහෙයුම දින කිහිපයක් තිස්සේ ක්‍රමක්‍රමයෙන් සිදුවනු ඇති බව ග්‍රීක රජය පවසන අතර පොලීසිය පවසන්නේ බලහත්කාරයෙන් මෙය සිදුකිරීමේ අදහසක් නැති බවයි.
ඉදෝමෙනි කඳවුරේ අට දහසක් පමණ රැඳවියන් මාස ගණනක් තිස්සේ ජීවත්වෙමින් සිටියේ මැසිඩෝනියාව සහ අනෙකුත් රටවල් විසින් සරණාගතයන් තව තවත් උතුරු දෙසට සංක්‍රමණය වීම වළක්වනු ලැබ තිබුණි.
සරණාගතයන් රැඳවුම් ලබා සිටින රටවලම පදිංචි කරන්නැයි ඉල්ලීමක්
ලොවපුරා සරණාගත කඳවුරු පවත්වාගෙන යාම නවතා දමන ලෙස බ්‍රිතාන්‍යයේ හිටපු විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් ඉල්ලා සිටියි.