ඇමරිකාවේ ප්‍රාන්ත 11ක් ඔබාමාට එරෙහිව අධිකරණයට

Transgender

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඇමරිකාවේ ප්‍රාන්ත එකොළහක් ඔබාමා පාලනයට එරෙහිව නඩු පවරා තිබේ.

රජයේ පාසැල් වල ඉගෙන ගන්නා සංක්‍රාන්ති ලිංගික සිසුන්ට තමන් කැමති ගැහැණු හෝ පිරිමි වැසිකිළියකට සහ නාන කාමරයකට යාමට අවසර දියයුතු බවට බලකෙරෙන නීතියක් පැනවීමට එරෙහිවයි මෙසේ නඩු පැවරෙන්නේ.

ඔබාමා පාලනය විසින් පවසා තිබුණේ උක්ත නීතිය පිළි නොපදින පාසැල් වලට පළාත් ආණ්ඩු මගින් ලබාදෙන මුල්‍ය පහසුකම් නවතා දමන බවයි.

නමුත් ටෙක්සාස් ප්‍රාන්තයේ අධිකරණයක පවරා ඇති නඩුවෙන් පැවසෙන්නේ ඔබාමා රජය විසින් අතිවිශාල සමාජවිද්‍යාත්මක පරීක්ෂණ සිදුකරන පරීක්ෂණාගාර බවට පාසැල් පත්කර ඇති බවයි.

සංක්‍රාන්ති ලිංගික සිසුන්ගේ වැසිකිළි යාම පිලිබඳ ප්‍රශ්නය මතුව ආවේ එවැනි සිසුන් තම උප්පැන්න සහතිකයේ සඳහන් ලිංගිකත්වයට අනුව වැසිකිළි භාවිතා කළ යුතු බවට උතුරු කැරොලිනාවේ නීතියක් සම්මත වීමත් සමගයි.

මෙයට එරෙහිවන්නන් පවසන්නේ පිරිමින් සංක්‍රාන්ති ලිංගිකයන් බව අඟවමින් අපචාර වල යෙදිය හැකි බවයි.